තිස් දෙවැනි දිගහැරුම ...💝

2.1K 440 131
                                    

💝💝 Because of you 💝💝.......

" ඩොක්....."

සෑහෙන වෙලාවකට පසු ගෙල මත මුහුණ තබාගෙනම ඔහු කතා කළේය ...

" කියන්න මගෙ බට්ටිච්චො ...."

" බඩගිනී............."

යීබෝගෙ පමණක් නොව රෑන්ග් ගේද පපුව පිච්චී ගියේය ..

",මගෙ මැණික වේල් කීයක් බඩගින්නෙ හිටියද රත්තරං ....."

තවමත් ගෙලමත මුහුණ සඟවාගෙන හූල්ලන සීන්ගේ පිට අතගාමින් යීබෝ ඇසුවේය ....

" ඔයා ගියදා ඉදන්......"

" අනේ මගෙ රත්තරං ....."

එවරනම් යීබෝ බලෙන්ම සීන්ව ගෙල මතින් ඈත්කරවා ඒ මුහුණ අතගෑවේය .... කොපුල් සිපගත්තේය .... නලලත මත දෙතොල් තියාගෙන සෑහෙන වෙලාවක් සිටියේය ..

"බට්ටො ඔයාගෙ ඩොක් හිටියෙත් වතුරයි කිරී විතරක් අරගෙන තමයි ඔන්න.... "

මඟ තිබුනු රෙස්ටුරන්ට් එකක් අසල වාහනය නවත්වන ගමන් රෑන්ග් කීවේය ....

"බහින්න ඕනෙ නෑ රෑන්ග් කෑම අරගෙන එන්න...."

,ඇත්තෙන්ම මේ මොහොතේ ආරක්ෂා වියයුතු නිසා යීබෝ කීවේය ....

"මොනාද බට්ටො ඕන...."

රෑන්ග් ඇසුවේය ..... සීන් යීබෝගෙ මුහුණ දෙස බැලුවේය ...

" කියන්න ..."

" මොනවා හරි මට බඩගිනී...."

සීන් සෙමින් කීවේය ...

" ඉක්මනින් ගන්න පුලුවන් දෙයක් අරගෙන එන්න රෑන්ග් .. අපි මග නතරවෙන එක සුදුසු නෑ .."

රෑන්ග් බැස ගියේය ....

" මගෙ මැණික ඩොක් එක්ක තරහයිද...."

යීබෝ සීන්ගේ කොපුල් සිඹිමින් ඇසුවේය ...

" ඇයි ඒ....."

" එන්න පරක්කු උනාට...."

" ඔයා ආවනේ ඉතින්...... කොහොමහරි ...."

යීබෝගෙ ගෙලවටා දෑත් යවමින් සීන් කීවේය ....

" රෑන්ග් එනකල් කිස් එකක් දෙන්නද...."

යීබෝ සිනාසෙමින් ඇසුවේය .... හා යැයි වත් නොකියා සීන් දෙතොල් උල් කරමින් යීබෝගෙ දෙතොල් අසලට විත් දෑස් පියාගත්තේය .... දින හතරකට පසු ඒ දෙතොල් සීන්ගේ දෙතොල් හා ගැටුනු...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now