💝💝 Because of you 💝💝.....
"ගෙගේ මෙහෙට වරෙංකො....."
සීන් රාත්රී ආහාර තැබීමට සූදානම් කර තිබුණු මඩුව අසල යමක් කරමින් සිටින අවස්ථාවේදී තුෂී එතැනට පැමිණියේය...
" මම මේ ලොකු වැඩක් ඩිඩී.... යනවා කෝ එහාට...."
සීන් සැරකලේය... නමුත් තුෂී සීන්ව එක් අතකින් ඇදගෙන මෙන් කවුරුවත් නැති තැනකට රැගෙන ගියේය .
" මොකද බං වෙලා තියෙන්නෙ ..."
සීන් ඔහුගේ කුඩා සහෝදරයාට සැරකලේ ඇත්තෙන්ම ඔහු කාර්යබහුල නිසා ය...
" අපේ ජියි (අක්කා) මින් ගගා ට සල්ලි දීලා මොනවා හරි කුඩු වගයක් ගෙන්නගෙන ඒක බීම එකකට දාලා ඔයාගෙ ඩොක්ටර්ට දුන්නා ... අන්න උඹේ doctor වැනි වැනි පිටිපස්සට ගියා.. මින් ගගා එක්ක...."
සීන්ගේ සිරුර වෙව්ලන්නට පටන්ගත්තේය ...
" ඩිඩී ගිහින් ඩොක්ටර් චාඕ ටයි මෙන්ලි ජීයි ටයි එන්න කියන්න ඉක්මනින් ..."
සීන් ඉක්මනින් නිවසෙහි පිටුපස පැත්තට දිව ගියේය ...තුෂී චාඕ සොයාගෙන ගියේය ....
***
***" තමුන්....."
යීබෝ කියවෙන්නට යන දෙනෙත් අපහසුවෙන් හැරගෙන කතා කළේය ...එතැන සිටියේ ලියින්ග් වන අතර ඇය අමුතු සිනහවකින් යීබෝගෙ කමිස කර අල්ලාගත්තේය ...
",මින් මම මෙයාව කිස් කරනවා ඔයා වීඩියෝ කරන්න ඕකෙන්...."
ලියින්ග් සිනාසෙමින් කීවේය ...
"එහාට යන්න ලියින්ග් ... මේ වැඩේ කරන්න එපා.... මම කිව්වා ඔයාට කැමති නෑ කියලා ..."
යීබෝ අපහසුවෙන් නමුත් ලියින්ග් තල්ලුකරමින් කීවේය ...
" අකමැති අය කැමති කරවගන්න ක්රම තමා මේවා ..මේ වීඩියෝ එක ගමේ ටික දෙනෙකුට පෙන්නලා කටකතාවක් යැව්වහම ඔයා මට බලහත්කාරකම් කරන්න ආවා කියලා අනිවාර්යෙන්ම ඔයාට මාව බාර ගන්න වෙනවා... නැත්තං ඔයාට මේ ගමෙන් යන්න වෙනවා...."
ලියින්ග් එසේ කියමින් යීබෝගෙ දෙතොල් අසලට ඇයගේ දෙතොල් රැගෙන ආවත් යීබෝ උපරිම වැර යොදා ඇයව තල්ලු කලේය..මදක් පසුපසට තල්ලු වී ගිය ලියින්ග් යලිත් යීබෝ අසලට ආවේය ...
YOU ARE READING
💝💝 BECAUSE OF YOU 💝💝 yizhan ff ( Complete )
Fanficඋණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්....❤️💚