ඒත් සිද්ධ වුණේ ජන්කුක් හිතුව විදියේ දෙයක් නෙමේ...ජිමින් වොශ් රූම් එකට ගියාට පස්සේ ජිමින්ව ලුහුබැදන් ආපු ටේමිනුත් වොශ් රූම් එකට ආවේ අද නම් තමන්ට ඕන දේ කරගන්නවමයි කියලා හිතාගෙන..
ජිමින් දැක්කේ නෑ එයාගේ පිටුපසට වෙන්න හිටපු ටේමින්ව..ජිමින්ට තමන්ගේ පිටිපස්සේ කවුරුහරි ඉන්නවා කියලා තේරුණු නිසා එයා එකපාරටම හැරිලා බැලුව ගමන්ම එයාට හිතන්නවත් ඉඩක් නොදී ටේමින් එයාව බලෙන්ම කිස් කරන්න ගත්තා...එතකොට තමයි ජන්කුක් එතනට ආවේ...
ජන්කුක් එතනට එනවා දැකපු නිසා ජිමින්ගේ අවදානය සම්පුර්ණයෙන් තිබ්බේ ජන්කුක්ගේ පැත්තට...ඒ නිසා එයාට මොහොතකට අමතක වුණා තමන් ඉන්නේ හාදුවකට හිරවෙලා කියලා...ඊට පස්සේ තමයි තමන් කෑ ගහද්දිත් ජන්කුක් වැරදි වැටහීමක් එක්ක එතනින් දුවලා යන්න ගියේ...
ටේමින්ගේ කම්මුල හරහා පහරක් ගහපු ජිමින් ටේමින්ට හොඳටම ගහන්න ගත්තේ පුදුම කේන්තියකින්...ඒත් එයා ගහපු එක පහරකින්වත් ටේමින්ව රිද්දන්න බැරි වුණා...
"හහ්...ජිමින්...තමුන්ගෙ මහලොකු ජන්කුක් බයේ පැනලා දිව්වා නේද...අද මන් තමුන්ව මගේම කර ගන්නවා...මං මේ යුනි එකට ආවෙත් තමුන් නිසා...දන්නවද..මං තමුන්ට කැමැත්තෙන් ඉඳියේ කොලේජ් යන කාලෙ ඉඳන්මයි....ඒත් ජිමින් ඔයා මාව දන්නෙවත් නෑනේද...?? එහෙමනෙ??මොකද මං තමුන්ට කවදාවත් මගේ හැගීම් ගැන කිව්වේ නෑ..දුරට වෙලා තමුසෙ දිහා බලන් හීල්ලුවා මිසක්..ඒ කාලේ මං අහිංසකයෙක්...ඒත් දැන් එහෙම නෑ...තමුන් මාව පිස්සෙක් කරලා ඉවරයි පාක් ජිමින්..මන් තමුසෙව මැරි කරාට පස්සේ තමුන්ගේ ඔය වාචාල කට අඩුවෙලා යයි..."
එහෙම කියලා ලාවට හිනා වුණු ටේමින් ටිකෙන් ටික ජිමින් දිහාවට ආවා...ජිමිනුත් පුළුවන් තරම් හයියෙන් එයාව තල්ලු කරලා දාලා වොශ් රූම් එකෙන් එළියට පැන ගත්තා.
____________________
ඒ සිද්ධියෙන් පස්සේ ජිමින් ටේමින්ට වෛර කරන්න ගත්තා...බැජ් පාටි එකෙන් පස්සේ ජිමින් ජන්කුක්ව දැකලා තිබුන් නෑ...එයාට තේරුණා ජන්කුක් කියන්නෙ කොච්චර හොඳ මනුස්සයෙක් ද කියලා...ටේමින් වගේ නෙමෙයි එයා ජිමින්ගේ අවසරයක් නැතුව එයාව ඇල්ලුවෙවත් නෑ...
ජිමින්ටත් නොදැනිම එයාගේ හිතේ ජන්කුක් ගැන තිබුණු විශ්වාසය වැඩි වෙන්න ගත්තා..ටිකෙක් ටික එයාගෙ හිතේ ජන්කුක් වෙනුවෙන් ආදරය ඇති වුණා..
ඇත්තටම ජන්කුක්ට මොකද්ද වුණේ??
ඒ ගැන ජිමින් දැනගෙන හිටියේ නෑ...මොක්ද ඒ දවසෙන් පස්සේ කවමදාවත් ජිමින්ට ජන්කුක්ව මුණගැහුනේ නෑ....
ජිමින් පසුතැවුණා...එයා හුගක් පසුතැවුණා...ජන්කුක් වගේ කෙනෙක්ව නැති කර ගත්තු එක ගැන...
_____________________
ඔන්න එහෙනම් අද ඩබල් අප්ඩේට්🌝

YOU ARE READING
𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔
FanfictionWhat will he choose?? Love Or Revenge?? If you want to know it, Read this.