❁Marriage❁

335 103 30
                                    

අද මගේ මැරේජ් එක...අඩු තරමේ මාව මැරි කරන්න හදන කෙනාගේ නමවත් මං දන්නේ නෑ..ඇත්තටම කිව්වොත් ඒක විහිලුවක්...මේක මොන වගේ මැරේජ් එකක්ද..මං හිටියේ ඇවිදින මළමිනියක් ගානට වැටිලා...ඒත් මේකප්වලින් ඒ හැමදේම කවර් කරන්න පුළුවන් වුණා..මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ...මට තිබුණේ ඔහේ බලාගෙන ඉන්න විතරයි ..

ටිකකින් අප්පා මාවත් අතින් ඇදගෙනම උත්සව ශාලාවට ආවා...මං මේ මැරේජ් එකට අකමැති වෙනවා කියලා තීරණය කරලයි තිබුණේ..මං ෆාදර් ඉස්සරහදි මේ මැරේජ් එකට විරුද්ධ වෙනවා...ඒ නිසා මං හිතා ගත්තා මාව විවාහ කරගන්න හදන මනුස්සයා ගෙ මූණවත් නොබලා ඉන්න...මොහොතකටවත් මං එයාගේ මූණ දිහා බැලුවේ නෑ...මට ඕන වුණේ මේ හැම දෙයක්ම නවත්තලා දාන්න..එයා කවුරු වුණත් මට වැඩක් නෑ..

අන්තිමට මගේ වෙලාව ආවා....මං මේ වෙලාව එනකන් තමා බලන් හිටියේ...

"හොඳයි...ජොන් ජන්කුක් වන ඔබ මෙහි සිටින පාක් ජිමින් නැමැත්තාව ඔබේ නීත්‍යානුකූල සහකරුවා විදියට පිළිගන්නවද???"

මොකක්.....
මට ඇහුනේ මොකද්ද ....
නෑ...
ජන්කුක්...
වෙන්න බෑ...

මං ඉක්මනින් මගේ ළගින් හිටගෙන ඉඳපු කෙනාගේ මූණ දිහා බැලුවා...

මොකක්....ඒ එයා...ජන්කුක්...එයා....

"ඔව් මං පිළිගන්නවා...එයා මං දිහා බලලා කට කොනකින් හිනාවෙන ගමන් කිව්වා.."

"එතකොට මිස්ටර් පාක් ජිමින්,ඔබ මෙතන සිටින ජොන් ජන්කුක් නැමැත්තාව ඔබේ නීත්‍යානුකූල සහකරුවා විදියට පිළිගන්නවා ද??"

"ම...ම්..මං......"
.

.

.

"ඔව්..මං පිළිගන්නවා"

"දැන් දෙදෙනා සිපගන්න.."

ෆාදර් එහෙම කියනවත් එක්කම ඉක්මන් වුණු ජන්කුක් මගේ ඉණෙන් ඇදලා අරන්  ලිප්ස් ගොඩක් රළු විදියට කිස් කරා...

𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now