Chapter 8.

1.6K 319 25
                                    

මේක ඇත්තද?________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක ඇත්තද?
________________________________________

NO ONE POV

"මෙතන මොන මගුලක්ද වෙන්නෙ?" ජන්කුක් ඇහුව්වෙ තේහියුන්ග් දිහාත් මේසෙ උඩ තිබ්බ කෑම දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්. තේහියුන්ග් ඉදියෙ බයෙන්, ජන්කුක්ට ඒක දැනුනා..

"ම්-මං ඔයාට කන්න කෑම හැදුවා. ගිහින් wash-

"කාගෙන් අහලද ඔයා මේවා කරේ?" ජන්කුක් ඇහුවෙ තේහියුන්ග් කියන්න ගිය දේ ඉවර කරන්න නොදී.

"ම්-මං ඔයාව surprise කරන්න හැදුවෙ." තේහියුන්ග් ගොත නොගහා කතා කරන්න කොච්චර උත්සාහ කරත් ඒක ලේසි උනේනම් නෑ..

තේහියුන්ග් කියපු එක ඇහුනම ජන්කුක්ගෙ සන්සු කරගෙන ඉදපු හිත ආයිමත් මහ හයියෙන් ගැහෙන්න පටන්න ගත්තා. ජන්කුක් බය උනේ එයාගෙ හදවත ගැහෙන සද්දෙ තේහියුන්ග්ටත් ඇහෙයි කියලා...

ජන්කුක් කියන්නෙ ගොඩක් බොලද දේවල් වලට ආස කරපු කොල්ලෙක්. එයා මේ වගේ චූටි චූටි දේවල් වලට ගොඩක් ආදරේ කරේ.. එයාටත් ආසාවක් තිබ්බා කවද හරි දවසක එයාගෙ ආදරවන්තයත් එක්ක බීච් එකේ ඇවිදගෙන යන්න, රෑ එලිවෙනකන් තුරුල් වෙලා තරු බලන්න, එයා හදලා දෙන කෑමවල රස බලන්න.. ඒත් අවාසනාවකට වගේ හෝසොක් කියන්නෙ ඒ වගේ දේවල් වලට කැමති කෙනෙක් නෙමේ.. ඒත් ජන්කුක් කවදාවත් ඒ ගැන නෝක්කාඩු කිව්වෙනම් නෑ.. මොකද එයා හොද බනී කෙනෙක්නෙ..

ඒත් තේහියුන්ග් මේ දේවල් කරනකොට ජන්කුක්ට එයාගෙ හදවත් ගැගෙන එක පාලනේ කරගන්න පුලුවන් උනේ නෑ.. ඒත් එයාට බෑ එයාගෙ හොබී හියුන්ගීට පිටු පන්න..

"මං ඇහුවෙ තමුසෙ කාගෙන් අහලද මගේ කුස්සියට අඩිය තිබ්බෙ කියලා?!!" ජන්කුක් කෑගැහුවෙ බොරු කේන්තියක් මවාගෙන. එයාට බෑ එයාගෙ හිත ඉල්ලන දේවල් කරන්නෙ. එයා කරන්නෙ එයාගෙ මොලේ කියන දේවල්.

Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now