"මූ දැන් හොදටම දුර්වල වෙලා ඉන්නෙ හැබැයි මූට හොද වුණ ගමන්ම මාව හොයාගෙන එනවා" ශින් එලෙස ඇයගෙ සහයට පැමිණි පුද්ගලයා හා කතාබහ කරමින් සිටි අතර ඔවුන් දෙදෙනාගෙ ප්‍රබල පහර කෑමට ලක් වී සිටි ජංකුක් එවිටත් සිහිමූර්ඡා වී ඉතා වේදනාවෙන් සිටියේය.
"යමු, අපි මූව උගෙ ගෙදට්ට ගිහින් දාමු නැත්නම් මූට සිහිය ඇවිත් මගෙ ගෙදර ඉතුරු ටිකත් නැති කරල දාවී " ශින් එලෙස ඇයගෙ සහයකයා හෝ සහයිකාවට එලෙස යෝජනා කළ අතර ඔහු හෝ ඇය ඔවුන්ගෙ පහර කෑමෙන් බිම සිහි නැතිව වැටී සිටිනා ජංකුක්ව ඔසවාගෙන ඉතා වේගයෙන් ඇවිද ගොස් ජියෝන් නිවසේ විසිත්ත කාමරයේ පොළොව මත ඔහු තබා ආපිට පැමිණියේය සැබැවින්ම ඔහුගෙ හෝ ඇයගේ උසින් සාමාන්‍ය ප්‍රමාණයක උසකින් සිටි මිනිසෙකු වූ අතර ඔහුගෙ හෝ ඇයගේ ඇවිදීම සාමාන්‍ය පුරවැසියෙකුගෙ විශේෂයක් නොමැති සරල ඇවිදීම් රටාවක් ඔහු හෝ ඇය සතු විය, සෙජොන්ගෝ මාවතේ එලෙස ජියෝන් නිවසින් ජංකුක් ව දමා ඇවිද ගිය හෙතෙම ශින් ගෙ නිවස ඉදිරිපිට නැවතී ශින් ගෙ නිවස දෙස බලාන මද වේලාවක් සිටි අතර ශින් විශාල ගමන් මල්ලක් සහිතව නිවසේ දොරද වසමින් නිවසින් පිටට පැමිණියාය පසුව ඇය එක් අතකින් ගමන් මල්ලද ඔසවාගෙන ඇයගෙ සෙජොන්ගෝ මාවතේ සිටගෙන සිටිනා සහකරු හෝ සහකාරිය වෙත පැමිණියාය.
"අපි යමු මට ටික දවසක් ඔයාගෙ ගෙදර ඉන්න දෙන්න " ශින් එලෙසින් ඇයගෙ සැලසුම් සදහා සහ වන්න ඇතැයි ජංකුක් සැක කරන එම පුද්ගලයා හට එලෙස පවසමින් ඔහුත් සමග සෙජොන්ගෝ මාවතේ ඉදිරියට යම් වේගයකින් ඔවුන් දෙදෙනා ඇවිද ගියහ.
මෙම අදුරු අත්භූත සිදුවීම් නිසාවෙන්ම එදින රාත්‍රිය වුවද වෙනදා සෝල් වැසියන් දුටු එමෙන්ම විදි රාත්‍රිය මෙන් නොවී ස්වාභාව ධර්මයද කම්පා කරමින් සුපුරුදු අදුර දෙගුණ තෙගුණ වී ලෝකය පුරාම දිස් වන්නට විය.
"අද රෑ හරිම අමුතුයි නේද ලීසා"
"ඔව් ජිමින් අනේ මන්දා මගෙ හිතට මොකක්හරි බයක් කරදරයක් දැනෙනවා "
"ඒ මටත් ලීසා, අපේ කාටහරි ප්‍රශ්නයක්වත් ද ? "
"අපේ කවුද ඒත් ආහ් මේ ජංකුක් කෝ එයාට කෝල් කළාද ? "
YOU ARE READING
Malevolent 1| Sinhala Fanfiction | [ COMPLETED ]
FantasyMalevolent - මෙලවලන්ට් 18+ Completed Categories - Fanfiction, Satanism, Satanic ,Demonology, Mystery , Fantasy, Horror & Thriller "මා අදුරේම ඉපිද අදුරේම ජීවත්ව අදුරේම මියදෙමි ඉතින් ඇයි නුබලා පමණක් අදුරට නොපැමිණ සුසුම් හෙලන්නේ පැමිණෙන්න මා සමග මේ...