CHAPTER 2

680 124 12
                                    

එම අලුයම් යාමයේ දී සිදු වූ වාසනාවන්ත දරු උපත හා හේසුක් සහ චෝ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අත්භූත කාන්තාවගෙ ව්‍යාකූල ප්‍රකාශයන් ගැන සිත සිතම ඔවුන් දෙදනා ආපනශාලාවේත් ශල්‍යාගාරය ඉදිරිපිටත් සෙන්චී සහ ජංකුක් පුතුව වාට්ටුව වෙත මාරු කරන තෙක් බලා සිටියහ.

එදින අලුයම දෙකට පමණ සෙන්චීවත් ඇයගෙ පුතුවත් සාමාන්‍ය වාට්ටු කරා මාරු කර අතර හේසුක් සහ චෝ ඉතාමත් සතුටින් සිය පවුලේ නව සාමාජිකයා හා කාලය ගත කරන්නට විය සෙන්චීගේද තත්වය සාමාන්‍ය අතට පත්වී තිබුණු අතර ඇයට පැවසූ දිනයට වඩා ඒ දිනයේදීම පිටව යා හැකි බව වෛද්‍යවරුන් පැවසූහ.

"ඇහුනද සෙන්චී ඔන්න ඔයාටයි අපේ බබාටයි අදම ගෙදර යන්න පුලුවන් කිව්වා " හේසුක් සිය බිරිද දෙස ආදරයෙන් බලමින් කීවේය.

"හේසුක් මගෙ අම්මලට කිව්ව නේද ඒත් එයාලා ආවේ නැහැනෙ " සෙන්චී සිය දෙමාපියන් දැකගැනීමය කැමැත්තෙන් හේසුක් ගෙන් ඇසුවේ වටපිට බලමින් ය.

සෙන්චී ගෙ දෙමාපියන් වාසය කළේ ජේජූ සි නම් නගරයේය එම නගරය සෝල් නගරයට වඩා ඈත දුරකින් පිහිටා තිබුණු අතර ඔවුන්ට එහි පැමිණීමට පැය ගණනාවක් ගතවීමත් එක් හේතුවක් විය තවද සෙන්චී ගෙ දෙමාපියන් ඇයත් සමග එතරම් හිත හොදකින් සිටියේද නැත සෙන්චී හා හේසුක් විවාහ වූයෙ ඔවුන් දෙදෙනා ගේ තනි කැමැත්තට වූ අතර හේසුක් ගෙ පවුලෙ පිරිස පමණක් එය සහයෝගය දැක්කුවහ.

"මම කිව්වා සෙන්චී එයාල සමහරවිට ඒවි " හේසුක් සෙන්චී දෙස නොබලමින් දුකින් මෙන් බිම බලාගෙන කීවේය.

"හේසුක් මම දන්නවා එයාල ඔයාට බැන්නා නේද කමක් නැ එයාලා එන එකක් නෑ " සෙන්චී හේසුක් ගෙ වෙනස්වීම පිළිබද අවධානයෙන් සිට එසේ කීවේ ඇයගේම හදවත ඇය විසින්ම සනසා ගනිමිනි.

"දුව ඔයාට අපි ඉන්නවනෙ පුතා ඔයත් දුක් වෙන්න එපා බලන්න කෝ දෙන්නම හිනා වෙලා ඉන්න " චෝ සිය දරුවන් දෙදෙනාගෙ හිස ආදරයෙන් පිරිමදිමින් කීවේය.

"ඔව් දැන් අපේ පවුලට හතර දෙනෙක්ම ඉන්නෙ අපි තමයි ලෝකෙ ඉන්න ලස්සනම පවුල " හේසුක් වේදනාව දුක මදකට අමතක කරමින් අනෙක් අයවද සනසමින් එසේ කීවේ සිනහවෙමිනි.

Malevolent 1| Sinhala Fanfiction | [ COMPLETED ]Where stories live. Discover now