ජංකුක් ගෙ සිතට දැනුනු කෝපයත් ඔහුගෙ හදවතේ යටි අරමුණක් ලෙස තිබුනු ජිමින්ගෙ ප්‍රාණය නසා ඔහුගෙ බලය වැඩිකරගැනීමත් නිසා ඔහු සුලු මොහොතකට පෙර තම හොදම මිතුරෙකු වූ ජිමින් ව ඝාතනට කරනා ලදී ඔහු විසින් ජිමින් ගෙල කපා එයින් ආ රුධිරය බෝතලයකට පුරවා ගත්තද එක් බිල්ලකගේ රුධිරය කෙතරම් අවශ්‍ය දැයි ජංකුක් දැන සිටියේ නැත ඒ හේතුවෙන් ඔහු ඒ පිළිබද ජිමින්ගෙ මල සිරුර අසලම සිට නිරුවත්ව තැවෙමින් සිටියේය.
"හෙලොව් හෙලොව් ලීසා මම ලී මින් හෝ කතා කරන්නෙ "
"ඔව් කියන්න "
"අනෙ ලීසා මම ජිමින් ගෙ ගෙදර යන ගමන් ඉන්නෙ එයා කෝල් කරල කිව්වා ජංකුක් කරදර කරනව වගේ දෙයක් "
"මොකක් ජිමින් එහෙම කිව්වද දෙයියනේ අනේ ඔයා ඉක්මනටම යන්න ජංකුක් එයාට මොනා කරලද දන්නෑ හැබැයි ඔයත් පරිස්සමින් "
"මම ඔයාට ගත්තෙ ඇත්තටම ජංකුක්ගෙන් ඔයාලට තියෙන කරදරය මොකක්ද කියලා දැනගන්න මන් හිතුවෙ එයා ඔයාලගෙ යාලුවෙක් කියලා "
"යාලුවෙක් වෙලා හිටියා ඒත් දැන් ඒ කතා කියන්න වෙලාවක් නෙමෙ ලී මින් හෝ ඉක්මනට ඔයා ජිමින් ගැන බලන්න මාත් පුළුවන් ඉක්මනට එන්නම් "
"හරි ලීසා ඒත් මගෙ හිතට අමුත්තක් දැනෙනවා මම තියන්නම් ෆෝන් එක ඔයා එන්න "
"හරි මම එනව ඔයා පුළුවන් තරම් ඉක්මනට යන්න"
ලී මින් හෝ එලෙස ලීසා හට ජිමින් පැවසූ දේ පිළිබද ඉතා කලබලයෙන් සහ බියෙන් පැවසූ අතර ඔහු ජිමින් කෙරෙහි දැක්වූ ආදරය නිසාම ඉතා වේගයෙන් සිය මෝටර් රථය ධාවනය කරමින් ජිමින් ගෙ නිවස කරා ගියේය."දැන් උබේ මහලොකු බෝයි ෆ්‍රෙන්ඩ් මෙතනට ඒවි නේ ඌත් උබ ඉන්න තැනටම එයි ජිමින් මම තව බෝතලයක් හොයාගත්තනම් හරි නේද උගෙ ලේ ටිකත් දාගන්න පුළුවන් නේ " ජංකුක් එතරම් කාලයක් නිරුවත්ව සිට ඔහු විසින් ගලවා දැමූ ඔහුගේ වස්ත්‍රයන් ඇදගන්නා අතරතුර ලී මින් හෝ එහි පැමිණි පසු ඔහුවද ඝාතනය කොට ඔහුගේද රුධිරය ගන්නා බව ජිමින් ගෙ නිසල දේහයට කිසිවක් නෑසුනද එලෙස පවසන්නට වූවේය.
ඉන් නොබෝ වේලාවකින් ලී මින් හෝ පැමිණි අතර ජංකුක් විසින් ඔහුට නිවසට පහසුවෙන් පිවිසීම සදහා ගේට්ටුව සහ ඉදිරිපස දොරද විවර කර තබා ජිමින් ගෙ නිසල දේහය අසල ලී මින් හෝ ඔහුගෙ බිල්ලක් බවට පත් වීමට පැමිණෙනන තුරුම බලා සිටියේය.
YOU ARE READING
Malevolent 1| Sinhala Fanfiction | [ COMPLETED ]
FantasyMalevolent - මෙලවලන්ට් 18+ Completed Categories - Fanfiction, Satanism, Satanic ,Demonology, Mystery , Fantasy, Horror & Thriller "මා අදුරේම ඉපිද අදුරේම ජීවත්ව අදුරේම මියදෙමි ඉතින් ඇයි නුබලා පමණක් අදුරට නොපැමිණ සුසුම් හෙලන්නේ පැමිණෙන්න මා සමග මේ...