කිසිවිටෙකවත් බලාපොරොත්තු නොවන ඉරණම් කතා වල එක් එක් පරිච්චේද තවදුරටත් ලියවෙනවා එසේත් නැතිනම් ඒවා මේ මොහොතේම තිත තබනවා කෙසේ නමුදු අප විසින් අප දිවිය ආරම්භයේ සිට ගෙන ආ කර්මයට අනුව අප අපගේ කතා ලියවී තිබෙනවා එහෙත් අදුර එය පිළිගන්නේ නැත.
සෝල් නගරයේ සිසිලස සමග දහවල අප්‍රාණිකව දිලුනු හිරු බැස යමින් තිබූ ගොම්මන් යාමයේ හයේ කණිසමේ සියල්ලන්ම සතුටින් සිය වැඩ රාජකාරී නිම වී සිය නිවෙස් කරා මං මාවත් ඔස්සෙ පයින්ද තම තමන්ගෙ වාහන ඔස්සේද ගියහ ඔවුන්ගෙ සිතේ මෙන්ම මුවගේද සිනහවක් රැදී තිබුනෙ 1997 වසරේ සීත වූ නත්තල සදහා ඔවුන් හට හිමි නිවාඩු දිනයන් එදින එනම් දෙසැම්බර් දහවෙනිදා ලැබුනු නිසාවෙනි.
"මෙයා තාම නැහැනෙ තාත්තේ " මිසිස් ජියෝන් සෙන්චීය කවුලුවෙන් පිටත බලමින් පැවසූවේ සිය සැමියා රාජකාරි නිම වී වෙනදාට වඩා එදින මදක් ප්‍රමාද නිසාය.
ඔහු රාජකාරි වශයෙන් සිදු කළේ සෝල් නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ වැඩ පිරික්සුම් නිළධාරියා වශයෙන් කටයුතු කිරීමයි.
"ඔව් නේද දුව, පුතා වෙනදාට පරක්කු වෙන්නෙ නැහැ විනාඩියක්වත් අනික විශේෂයෙන්ම මේ දවස් වල ඔයා ඉන්න තත්වෙත් එක්ක " ඇය දෙස බලමින් එසේ පවසා සිටියේ මිස්ටර් ජියෝන් චෝ එනම් මිසිස් සෙන්චී ගෙ මාමණ්ඩිය ය.
මිසිස් ජියෝන් සෙන්චී විසින් මීට වසර එකහමාරකට පෙර මිස්ටර් ජියෝන් චෝ ගෙ එකම පුතා වූ මිස්ටර් ජියෝන් හේසුක් ව සමග විවාහ වූ අතර ඔවුන් සෝල් නගරයෙහි සෙජොන්ගෝ මාවතේ අංක දහසයවෙනි මිස්ටර් චෝ ගෙ පරම්පරාවේ උරුමයෙන් ඔවුන් වෙත ලැබුනු නිවසේ ඔවුන් තිදෙනා වාසය කරන්නට විය. ජියොන් චෝ අඩි පහයි අගල් එකොළහකින් උස් වූ හැඩි දැඩි පුදගලයෙක් විය ඔහුගෙ පුතා ජියෝන් හේසුක් ද ඔහු හා සමාන හැඩිදැඩි පෙනුමකින් සිටියේය ජියෝන් සෙන්චී ඉතාමත් රූමත් හා උගත් කාන්තාවක් විය එම කාලයේදි මිසිස් ජියෝන් සෙන්චී හට දරුවෙක් ලැබීමට ගැබ්ගෙන මාස නවයක් වූ අතර දරු ප්‍රසූතිය කිනම් මොහොතක දැයි ඔවුන් නිතරම හිතේ සැකයෙන් පසු විය.
YOU ARE READING
Malevolent 1| Sinhala Fanfiction | [ COMPLETED ]
FantasiMalevolent - මෙලවලන්ට් 18+ Completed Categories - Fanfiction, Satanism, Satanic ,Demonology, Mystery , Fantasy, Horror & Thriller "මා අදුරේම ඉපිද අදුරේම ජීවත්ව අදුරේම මියදෙමි ඉතින් ඇයි නුබලා පමණක් අදුරට නොපැමිණ සුසුම් හෙලන්නේ පැමිණෙන්න මා සමග මේ...