Dear diary 1 🥀

368 84 3
                                    

2021. 02. 05.

Dear diary,

අද මම seoul වලට ආව.
මට ගොඩක් සතුටුයි අවුරුදු දහ අටකට පස්සෙ ආයෙත් මගෙ මව් රට දකින්න ලැබුන එක ගැන. Mrs. Jeon මාව එක්ක යන්න airport එකට ඇවිත් හිටිය. ජන්කුක් දැන් doctor කෙනෙක් ලු. මට මතකයි චූටි කාලෙ ඉඳන් ම එයාගෙ හීනෙ doctor කෙනෙක් වෙන එක.
එයා දක්ෂයි.. මට ආඩම්බරයි එයා ගැන.

Mrs. Jeonට ඕනෙ උනේ මාව Jeon mansion එකට එක්ක යන්න. ඒත් මම කිව්ව ජන්කුක් ම මාව අඳුන ගන්න කල් මම එහෙ එන්නෙ නෑ කියල.
Mrs. Jeon මට වෙන mansion එකක් දුන්න නවතින්න. එයා ගොඩාක් හොඳයි.
මම හිතනව එයා මගෙ නැන්දම්ම වෙයි කියල. එහෙම උනොත් මම ගොඩක් වාසනාවන්තයි..

එයාගෙ යාළුවෙක් ගෙ දුවක් විදිහට Mrs. Jeon මාව ජන්කුක්ට හඳුන්වල දුන්න.
මගෙ නම සෝහි කියල විතරයි කිව්වෙ.
එයාට මගෙ surname එක මතක නැතුව ඇති.
ඉස්සර එයා මට කතා කලේ සෝහි කියල නෙවෙයි. එයා මට කතා කළේ strawberry කියල.
එහෙම කිව්ව ම මම strawberry ගෙඩියක් වගේ රතු වෙනවලු 🤭  එයා ම තමයි එහෙම කිව්වෙ.

මට දුක හිතුන එයා මාව හඳුන ගත්තෙ නැති නිසා.
ඒත් එයා ඉක්මනට ම මාව අඳුන ගනියි.
මං එතකල් බලන් ඉන්නවා.

Good Night...

𝐿𝑒𝑎𝑣𝑒 𝑎 𝑅𝑜𝑠𝑒 𝑜𝑛 𝑚𝑦 𝐺𝑟𝑎𝑣𝑒.... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now