නම්ජුන් වගේම නාරීත් හං ගඟ ළඟ ඉදන් ආයෙමත් ඩෝම් එකට එනකොට පාන්දර දෙකටත් ළන්වෙලා තිබුණත්, නින්දත් නොනින්දත් අතර ඉන්න ඔළු ගෙඩි එකොලහක් බන්ග්ටැන් සාලෙ තැනින් තැන වැතිරිලා ඉන්නවා දැක්කාම ඒ දෙන්නාට තිබුණු නිදිමතත් කොහේ ගියාද දන්නෙ නැහැ.
"ඔයා හොඳටම තෙමිලනේ නාරි..... ඉක්මණට ඇතුළට එන්න.. කෝ කෝ ඉක්මණ් කරන්න....!!!"
දුම්මල වරම අතට අරන් ඩෝම් එකෙන් එළියට බැස්ස නම්ජුන් වගේම ඒ කේන්තිකාරයාගේ අවාසනාවන්ත ඉලක්කයක් වෙච්ච නාරීත් පරිස්සමින් ගෙදරට එනකල් ඉවසීමෙන් මඟ බලන් හිටපු සොක්ජින්ගේ කටහඬ නම් මුළු ඩෝම් එක පුරාම දෝංකාර දුන්නා. ඉතින් ඒ ටකරං සද්දෙට සාලෙ තැන තැන වැටිලා අඩ නින්දක හිටපු හැමෝම වගේ ආයෙමත් ඉද්ද ගහලා වගේ නැඟිට්ටා කියලා කිව්වත් වැරදි නෑ.
"මේ පිස්සටත් මහ වැස්සෙම නාරීවත් අරන් එළියට යන්න ඔින වුණානේ...... මේ දරුවට මොකක්හරි ලෙඩක් හැදුණොත්, ඔහේව මන් හමගහනවා නම්ජුනා......" අවුරුදු විස්සක තරුණියක් වුණු නාරීගේ තෙත කොණ්ඩෙ පුංචි දරුවෙක්ගේ ඔළුව පිහිනවා වගේ ටවල් එකකින් පිහින ගමන්, නම්ජුන්ට කෑගහන සොක්ජින්ව නවත්තන්න අනිත් අයටත් ඔින වුණේ නෑ. මොකද ඒ තරමටම නාරී හිටියේ තද වැස්සට තෙමිච්ච නිසා හොඳටම සුදුමැලි වෙලයි.
"ම-ම-මට නම් ප්‍රශ්නයක් නෑ අන්කල් ජිනී..... මං හොඳින් ඉන්නවා..... අප්පාට තමයි හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ....."
නහය ජම්බෝල ගෙඩියක් වගේ රතුවෙලා තියෙන, ඒ මදිවට නහය පුරා පිරිලා තිබුණූ හොටු ටිකත් උඩට අදින ගමන් හිටපු නම්ජුන්ව හැමෝම දැක්කේ, නාරී ඒ කිව්වට පස්සෙ තමයි.
ඉතින් වැස්සට තෙමිලා හෙම්බිරිස්සාවත් හදාගෙන ඇවිත් ඉන්න මේ තාත්තායි දුවයි දෙන්නාව උණූසුමින් තියන්න ඔින නිසා ඩෝම් එකේ හීටර් එකත් තව වැඩි කරලා, ඒ දෙන්නට වගේම අනිත් හැමෝටමත් එක්ක කෝපි හදන් එන්න අන්තිමේදි ජින් තීරණය කලා.
ජිවෝන් වගේම සෝජුන් එක්ක කලින් වුණ රණ්ඩුව නිසා ඩෝම් එකෙන් එළියට ගියපු නම්ජුන් වගේම නාරීත් ආපහු ඩෝම් එකට ආපහු ඇවිත් මේවෙනකොට පැය භාගෙට ආසන්න කාලයක් ගෙවිලා ගියත්, ඩෝම් එක ඇතුලේ තිබුණූ දිගු නිහැඬියාව නම් තාමත් එහෙමයි. ඒත් ජූන්, සොක්ජින්, යුන්ගි, හොසොක් වගේම මැක්නේ තුන් කට්ටුවත්, මේ අනාගතනේ ඇවිත් ඉන්න තමන්ගේ දරුවො ටික දිහා එයාලම කතා කරනකල් ඉවසීමෙන් බලාගෙන ඉන්න තීරණය කලේ මීට පැය කිහිපයකට කලින් වෙච්ච සිද්ධියේ රස්නේ තාමත් ඩෝම් එක ඇතුලේ තිබුණ නිසා කියලා කිව්වත් වැරදි නෑ.
YOU ARE READING
Future Meets Present ‖ OT7 [7]
Fanfictionවංකගිරියක් විකල්ප මාර්ග දහස් ගාණකින්ම නිර්මාණය වෙලා තිබුණත්, තියෙන්නේ එකම එක පිටවුමක් විතරයි. ඉතින් "කාලය" කියන්නෙත් නිමක් නැති වංකගිරියක් වගේ දෙයක්. ඒ තියෙන එකම එක පිටවුම හරියටම මොකද්ද කියලා හොයාගන්නකල් ඒ වංකගිරිය ඇතුලේ අපි අන්ත අසරණයි. බය, වේදනා...