"ඔයාට නම් ඔම්මයි අප්පායි දෙන්නම තාමත් ඔයාගේ ළඟින්ම ඉන්නවානේ ජිවෝන් ඔප්පා..... ඉතින් ඔයාට කොහොමද මට දැනෙන විදිහ තේරෙන්නේ?"
"දැන්වත් හොඳ හිතින් ඔය කියවිල්ල නවත්තනවා කිම් නාරී.....!!!!"
නාරීගේ අපහාසාත්මක කතා දැන් නම් හොඳටම වැඩීයි. ඒ නිසාමයි මෙච්චරවෙලාවක් නිහඬව මේ කතාබහ අහගෙන හිටපු නම්ජුන්ගේ ඉවසීමේ සීමාව පහුවෙලා ගිහින් තිබුණේ.
නම්ජුන් හිටියේ පුදුම කේන්තියකින්.
එයාගේ ඇස්, ඒ තිබුණූ කේන්තිය නිසා රතු පාටට හැරවිලා තිබුණ හැටි හැමෝටම පේන්න තිබුණා.
"තමන්ගේ යාළුවන්ට කරන ඔය අපහාස දැන් නම් හොඳටම වැඩියි......."
කවමදාවත් නම්ජුන් මේ විදිහට කේන්ති ගිහින් ඉන්නවා දැකපු එකම එක දවසක්වත් නාරීගේ මතකේ තිබුණේ නෑ. අඩුම තරමේ ඉල්සන් පළාතෙම ලයිට් කණු පවා මේ ටයිම් ට්‍රැවල් ප්‍රොජෙක්ට් එක නිසා විනාශ වෙලා ගිය දවසෙවත් නම්ජුන්ට කොයිම මොහොතකවත් කේන්ති ගිහින් නොතිබුණු විදිහ ගැන නාරීට අද වගේ මතකයි.
ඒ නිසාමයි නාරීත්, නම්ජුන්ගේ මේ කේන්තිය හමුවේ ගල්ගැහිලා වගේ එයා දිහා බයවෙලා බලාගෙන හිටියේ.
"ඔයා මේ දැන්මම මාත් එක්ක එළියට යන්න එන්න ඔින..... I SAID, RIGHT NOW!!!"
හිතේ තිබුණු කේන්තියත් එක්කම ඩෝම් එකේ එන්ට්‍රන්ස් එක පැත්තට ඇවිඳගෙන ගියපු නම්ජුන්, hanger එකේ එල්ලා තිබුණූූ එයාගේ ජැකට් එක ඇඟට දාගත්තා.
"නාරී ඒක හිතලා නෙවෙයි කියන්න ඇත්තේ අන්කල් ජූන්.... අපි හිමිහිට මේ ගැන කතා කරමු."
VOUS LISEZ
Future Meets Present ‖ OT7 [7]
Fanfictionවංකගිරියක් විකල්ප මාර්ග දහස් ගාණකින්ම නිර්මාණය වෙලා තිබුණත්, තියෙන්නේ එකම එක පිටවුමක් විතරයි. ඉතින් "කාලය" කියන්නෙත් නිමක් නැති වංකගිරියක් වගේ දෙයක්. ඒ තියෙන එකම එක පිටවුම හරියටම මොකද්ද කියලා හොයාගන්නකල් ඒ වංකගිරිය ඇතුලේ අපි අන්ත අසරණයි. බය, වේදනා...