Kim Taehyung..ඔහු, සෝල් ජාතික සරසවියේ ජනප්‍රියම ශිෂ්‍යයා වෙන්නෙ ඔහුගේ අසමසම රූප සම්පත්තිය නිසාම විතරක් නෙමෙයි.. ඔහු Kim's Co-Operation නම් නැගෙනහිර ආසියාවේ විශාලතම කෘත්‍රිම බුද්ධිය පිලිබඳ නිශ්පාදන සමාගමෙ එකම උරුමකරු වීමත්, ඔහුගේ නිරහන්කාර හැසීරීමත්, විශිෂ්ට සාධන මට්ටම් ඒ හේතු ගොන්නට එකතු වුණා.
මතක ඇති කාලෙක ඉඳන් taehyungගෙ තනි නොතනියට හිටියෙ එයාගෙ හොඳම යාලුවෝ දෙන්නා Jimin සහ Jungkook.ඔහුගේ සමවයැසියන් වගේම ගුරුවරුත් Taeව දැක්කෙ Flawless කෙනෙක් විදියට.. ඒකියන්නෙ මෙහෙමයි කියන්න තරම් අසම්පූර්ණ බවක්, අඩු පාඩුවක් ඔහුගෙ දකින්න තිබුණෙ නෑ..නමුත් ලෝකෙ සර්ව සම්ම්පූර්ණ කිසිම කෙනෙක් නෑනෙ.. ඇත්තමTaehyung ව දන්න අය, ඒකියන්නෙ Jimin , Jungkook සහ Seokjin දන්නවා ඔහු ඉන්න තත්තවය පරිපූර්ණත්වයෙන් ගොඩාක් ඈතයි කියලා..Taehyung.ගෙ අම්මා Kim Yun-hee, ඒවගෙම ඔහුගෙ තාත්තා CEO Kim Jae-Suk, ඔහුට වයස අවුරුදු 16දි අවාසනාවන්ත විදියට රිය අනතුරකින් මේ ලෝකෙන් සමුගත්තා..
වාසනවකට Taehyungගෙ මාමා ඔහුව තමන්ගෙම දරුවෙක් වගේ හදාගත්තා. Seokjinතමන්ගෙම සහෝදරයෙක්ට වගේ අඩුවක් නැතුව Tae ට ආදරේ කළා.තමන්ගෙ අලුත් පවුලෙන් ලැබුණ ආදරය කරුණාවට ණය ගෙවන්න නොකරපු දෙයක් නැති තරම්.. ඊයෙට වඩා අද, අදට වඩා හෙට මහන්සිවෙලා ඔහු ඉගෙනීමෙ වැඩ කළා..ඔහුගේ ශ්‍රේණි සහ ඔහුගේ හැකියාවන්, Seokjin ගේ දෙමාපියන්ට ආඩම්බර වීමට අසමත් නොවෙන්න වග බලා ගත්තා. කොච්චර උත්සහ කළත්, තමන් එයාලගේම පුතෙක් නොවෙන බවත හිත කොනකින් තේහ්‍යොන්ග්ට වද දුන්න වාර අනන්තයි..ඒත් ඒක තමන්ගෙ දෛවය විදියට බාර ගන්නවා ඇරෙන්න ඔහුට වෙන විකල්පයක් තිබුණෙ නෑ.
----------
" ඔයාලට සමහර වෙලාවට රෑට එකම හීන පේනවද?"
වාසනාවකට වගේ එකම විශ්ව විද්‍යාල පාඨමාලා හදාරපු ඔවුන් දිවා ආහාරය ගන්නා වේලාවෙ Tae ඔහු අසල බංකුවක වාඩි වී සිටි ඔහුගේ හොඳම මිතුරන්ගෙන් ඇසුවා..
"ආයෙ ආයෙත්?"ජිමින් ඔහුදෙස ඇහිබැමක් ඔසවා බැලුවා.
"නෑ, ඇයි? ඔයාට එහෙම වෙලා තියේද?" තමන්ගෙ අතේ තිබුණ සැන්ඩ්විච් එක දිහා හිස් බැල්මෙන් බලන් හිටිය තේහ්යොන් මුකුත් නොකියාම හිස වැණුවා..
YOU ARE READING
FATED BLOSSOMS (TAEGI)
Teen Fictionසැබෑ ආදරය, ජීවිතේ වෙනස් කරනවා.. ඒත් කොන්දේසි විරහිත ආදරය, ජීවිතය ජීවත් කරනවා.. කිම් තේහ්‍යොන්ග්, ඔහුගේ දෙවෙනි ජීවිතය ලබාගන්නෙ, ඔහුට කොන්දේසි නැතුව ආදරේ කරපු, මින් යූන්ගිගෙන්. ඒක සරලවම, චෙරිමල් ගසක් වටේ ගෙතුන අපූරු පරිත්‍යාගයක්