Chapter 4: Unresolved mystery

110 33 3
                                    

නතුරු ඇඟවීමක් නැතුවම, පන්තිකාමරය, ළමයි, ගුරුවරිය ඔක්කොම නොපෙනී ගිහින් ඒ වෙනුවට ඝන අන්ධකාරයක් මැවුණා..තේහ්යොන්ග්ට දැඩි සුළන් පාරක් තමන්ගෙ ඇඟේ වදිනවා දැනුනා, ඒනිසා එයා වැටෙන්න යද්දිම යූන්ගි එයගෙ අතින් තදින් අල්ලගත්තා,වැටෙන්න නොදී..


ඒවෙලෙ එයාට තේරුම් ගියා එයාල ඉන්නෙ, එයාගෙ තාත්තගෙ company එකේ, ඒ කියන්නෙ තට්ටු 25ක් උස බිල්ඩින්ග් එකක වහලෙ උඩ කියලා..

එයා බිම බලද්දි දැක්ක එයාගෙ කකුල් තියෙන්නෙ වහලෙ අයිනටම වෙන්න කියලා.. ඊට මීටර් 100ක් විතර පහලින් තිබුනේ වාහන, මිනිස්සු වෛවර්න එලි පිරිච්ච හරිම කලබලකාරි කොන්ක්‍රීට් පාරක්.. බයෙන් තැති ගත්ත තේහ්යොන්ග් මම හඬින් කෑගැහුවා..

සීතල වෙච්ච දාඩිය බිඳු තේහ්යොන්ගෙ නළල දෙපැත්තෙන් කඩාගෙන් වැටුනා.. එයාට විශ්වාසයි වේගෙන් ගැහෙන එයගෙ හෘද ස්පන්දනය, තදින් තමන්ගෙ අත අල්ලන් හිටපු යූන්ගිගෙ ඇඟිලි තුඩු වලට පවා දැනෙන්න ඇති කියලා..


මහ වැස්සකට ලෑස්ති වෙන්න හදන අහස ඔවුන්ට ඉහලින් කලු වලාකුලින් බර වුණා.. සන්සුන් වෙන්න ගැඹුරු හුස්මක් ගත්ත තේහ්යොන්ග්, යූන්ගි දිහා බැලුවා.. ඔහුගෙ මූනේ තිබ්බෙ නිවෙන්න ඔන්න මෙන්න තියෙන හිනාවක්.. ඒත් ඔහුගෙ ඇස් වල තේහ්යොන්ග් දැක්කෙ දරාගන්න බැරිතරම් කණගාටුවක්..


"යූන්-"


තේහ්යොන්ග් කතා කරන්න යද්දිම යූන්ගි ඉස්සරහට අඩිය තිබ්බා..මොකද්ද වෙන්නෙ කියලා තේහ්යොන්ග් තේරුම් ගන්න කලින්ම, ඔවුන් දෙන්නම පහලට වැටෙනවා..තේහ්යොන්ග් උගුර ලේ රහ වෙනකන් කෑගහුවා.. ඔහුගේ බයෙන් භීරාන්ත වෙච්ච ඇස්, නිහඬ ආයචනයක් වගෙ යූන්ගිගෙ ඇස් මුණ ගැහුණේ, යූන්ගි නැවත එයාල ඉදිරිපිට දර්ශනය මාරු කරයි කියලා අයදිමින්.. නමුත් එය සිද්ධ වුණේ නෑ..


ඒවෙනුවට තේහ්යොන්ග්ට දකින්න ලැබුණ එකම දේ, ඉවරයක් නැතුව කඳුලු ගලාගෙන යන යූන්ගිගෙ ඇස් සහ... ආදරය පිරුණු හිනාවක්..

FATED BLOSSOMS (TAEGI)Onde histórias criam vida. Descubra agora