තේහ්යොන්ග් TV එකේ චැනල් මාරු කර කර බලන්න ආස හිතෙන දෙයක් හොයන අතරේ, විනාඩියෙන් විනාඩියට එයාගෙ ඇහැ යොමු වුණේ බිත්ති ඔරලෝසුවට..වෙලාව රෑ 7යි.. එයා සාමාන්‍යෙන් නිදාගන්න වෙලාව එන්න තව පැය 4ක්ම තියෙනවා..
ගෙදර කිසිම සද්දයක් නෑ.. ජින් එයාගෙ දෙමව්පියන් එක්ක තෙහ්යොන්ග්ගෙ තාත්තාගෙ company's share holders ලගෙ බෝඩ් මීටින් එකට ගිහින්.. තේහ්යොන්ග් එයාගෙ උපාධිය සම්පූර්ණ කරලා ආයතනය එයා යටතට ගන්නකන් ඒක පාලනය කරන්නෙ ජින්ගෙ පවුලෙ අය..
රෑ කෑමත් අරගෙන තව පැය තුනක් විතර එහෙට මෙහෙට වෙවී හිටිය තේහ්යොන්ග්, වේලාසනම ඇඳට ගියේ යූන්ගිව දකින්න ආසාවෙන්.. තවමත් නොවිසඳුන එයාගෙ ප්‍රශ්න ගොන්නට උත්තර හොයාගන්න වගේම, ඔහුගෙ ලස්සන හිනාව දකින්නත්, ඒ සන්සුන් හඬ අහන්නත් තේහ්යොන්ග්ට ඕනෙ වුණා..
නින්දට වැටුණ ගමන්ම, තේහ්යොන්ග් එයාගෙ හීනෙ සුපුරුදු තැනට ආවා.. සුපුරුදු රෝස පාට මල් පිපිණු cherry blossom ගහ යට, සුපුරුදු කහපාට බන්කුව උඩ, සුපුරුදු ඇඳුමෙන් තේහ්යොන්ග් වාඩි වෙලා හිටියා.. තව විනාඩි පහළොවකින් තේහ්යොන්ග්ට යූන්ගිව ආයෙ දකින්න ලැබේවි..
ඒ අතරතුර තේහ්යොන්ගෙ කල්පනාව ඇදිලා ගියේ ජින් දිහාවට...හ්යොන්ග් ඇත්තටම යූන්ගිව දන්නෙ නැද්ද? නැත්තම් දැනගෙන මගෙන් හන්ගනවද? ඒත් ඒ ඇයි?
ඇහෙන නෑහෙන තරමේ පොඩි අඩි සද්දෙකින් තේහ්යොන්ග් කල්පනා ලෝකෙන් මිදුණා.. ඔලුව උස්සලා බලපු තේහ්යොන්ග් ඒ වෙලෙ දැක්කෙත් සිත් බඳින හිනාවකින් එයා දිහා බලාගෙන් හිටිය යූන්ගීව.. තේහ්යොන්ග්ට හිතාගන්න බැරි වුණා ඔහු ඇත්තටම මනුස්සයෙක්ද නැත්තම් මිනිස් ලෝකෙට එහා තැනකට අයිති කෙනෙක්ද කියලා.. මොකද ඔහු වටා තිබුනෙ අමුතු බැබලීමක් වගේම හරිම ශාන්ත බවක්..
"මම ඔයා ගාවින් වාඩි වුණාට කමක් නැද්ද? "
යූන්ගි මුලින්ම සුපුරුදු නිවුණු ස්වරයෙන් හඬ අවදි කළා.. ඒත් ඒකට සූදානමක් නොතිබ්බ තේහ්යොන්ග් ඇස් විශාල වෙලා ඇඟත් ගල් ගැහුණා.. මොලේ මුල ඉදන් අගටයි අග ඉඳන් මුලටයි පීන පීන දෙන්න උත්තරයක් හෙව්වා..
CZYTASZ
FATED BLOSSOMS (TAEGI)
Dla nastolatkówසැබෑ ආදරය, ජීවිතේ වෙනස් කරනවා.. ඒත් කොන්දේසි විරහිත ආදරය, ජීවිතය ජීවත් කරනවා.. කිම් තේහ්යොන්ග්, ඔහුගේ දෙවෙනි ජීවිතය ලබාගන්නෙ, ඔහුට කොන්දේසි නැතුව ආදරේ කරපු, මින් යූන්ගිගෙන්. ඒක සරලවම, චෙරිමල් ගසක් වටේ ගෙතුන අපූරු පරිත්‍යාගයක්