Min Yoongi
1993-2012
A loving son, A loving brother and A loving friend....
සොහොන්ගල ළඟ වාඩිවෙලා ඒ මත කොටා තිබුණ අකුරු දිහා සෑහෙන වෙලා තේහ්‍යොන්ග් බලාගෙනා හිටියා..
"හ්යොන්ග්.. මම ආවා" තේහ්යොන්ගේ ඇස් කීවෙනි වතාවටද මන්දා කඳුලින් තෙත් වුණා..
"මේ මම අඬන අන්තිම පාර... ඇත්තමයි" තේහ්‍යොන්ග් එයාගෙ අතේ තිබුණ ලස්සන මල් පොකුර සොහොන් ගල උඩින් තිබ්බා..
"ඔයාව බලන්න්න එන්න මෙච්චර පරක්කු වුණාට මට සමාවෙන්න යූන්ගි හ්යොන්ග්.. මට ඔයා ගාවට එන්න කලින් ඉෂ්ට කරන්න දෙයක් තිබුණා." තේහ්‍යොන්ග් කිව්වේ මද සිනහවෙන්..
"මම ගොඩක් බය වුණා එයාලව මුණගැහෙන්න.. මොකද එයාලට එයාලගෙ එකම දරුවා නැති වුණේ මම නිසානෙ.. තේහ්‍යොන්ග් කිව්වේ දුකෙන් සුසුමක් හෙලමින්.."ඔව් හ්යොන්ග්..මම ඔයාගෙ අම්මවයි තාත්තාවයි හම්බ වෙන්න ගියා.. ඔයාගෙ අම්ම මාව දැක්ක ගම අඳුර ගත්තා.. ඔයාට තියෙන්නෙ අම්මගෙ හිනාව හ්යොන්ග්.. ඒක හරිම ලස්සනයි..ඇය මාව ආදරයෙන් වැලගත්තේ හරියට මන් එයාගෙම දරුවෙක් වගේ.. ඔයාගෙ තාත්තා මම යනකොට ගෙදර හිටියේ නෑ.. මම ඔයාගෙ අම්මා එක්ක ගොඩාක් වෙලා කතා කළා හ්යොන්ග්.. අම්මා ඔයා නැතුව ගොඩක් පාළුවෙන් ඉන්නේ..එයා ගොඩක් ඇඬුවා.. වද වෙන්න එපා.. මම ඇයව සැනසුවා..මම බය වෙලා තියෙන්නෙ බොරුවට.. මම හම්බ වෙන්න ගියේ ඔයා වගේ පුතෙක් හදපු වඩපු අම්මෙකුයි, තාත්තෙකුයි ලඟටනෙ.. ඒනිසා එයාල වෛරය කියන දේ පතුරණ අය වෙන්න විදියක් නෑ.."
තේහ්‍යොන්ග් මෘදු ලෙස සිනාසුනේ යූන්ගිගේ මව මතක් කරමින්..
"මම පොරොන්දු වෙනවා හ්යොන්ග්, ඒ දෙන්නවම මම මගේම අම්මයි තාත්තයි වගේ බලාගන්නම්.. ඔයා නැති අඩුව මට මකන්න බැරි වෙයි, ඒත් මම එයාලට හොඳ පුතෙක් වෙන්නම්" තේහ්‍යොන්ග් කිව්වා..
"මේ තියෙන්නෙ Tea Roses " තේහ්‍යොන්ග් තමන් ගෙනාව මල් පොකුර දිහාට ඇස් යොමුකළා.. හ්යොන් දන්නවද ඒ මල් වල තේරුම? " තමන් ආදරේ කරන කෙනෙක්ව කවදාවත් අමත කරන්නෙ නෑ කියන පොරොන්දුව තමයි මේ මල් දෙන එකෙන් කියවෙන්නේ.. තේහ්‍යොන්ග් ඔහුගෙ නලල සොහොන් ගල මත හේත්තු කළා...
YOU ARE READING
FATED BLOSSOMS (TAEGI)
Teen Fictionසැබෑ ආදරය, ජීවිතේ වෙනස් කරනවා.. ඒත් කොන්දේසි විරහිත ආදරය, ජීවිතය ජීවත් කරනවා.. කිම් තේහ්‍යොන්ග්, ඔහුගේ දෙවෙනි ජීවිතය ලබාගන්නෙ, ඔහුට කොන්දේසි නැතුව ආදරේ කරපු, මින් යූන්ගිගෙන්. ඒක සරලවම, චෙරිමල් ගසක් වටේ ගෙතුන අපූරු පරිත්‍යාගයක්