13.Sleeping beauty~

1.2K 324 148
                                    

" ඕයි.. උඹ මේවා කරන්නේ යූහිට රිද්දන්නද බම්.. උඹට ඇත්තටම ජිමින්ව ඕන්නැද්ද?? " ටේ ඇහුවා.. ටේටත් පුදුමයි ජන්කුක්ගේ මේ දෙපැත්තටම නැති කතායි වැඩයි ගැන..

" පිස්සුද බම් මට ජිමිනිව ඕනේ.. හැබැයි මේකෙන් යූහිට රිදෙනවා කියන්නෙත් ආතල්⁣ නේ... " ජිමින් ලෑස්ති වෙලා එන දිහා බලන් හිනා වී ගෙනම ජන්කුක් කිව්වා... ජිමින් ආපු නිසා ජන්කුක්ට දෙකක් ඇනගන්න බැරි වෙච්ච එකට ටේට හෙනට දුක හිතුනා...

තුන්දෙනා ජන්කුක්ගේ නිල් පාට ford එකේ නැගලා රුං ගාලා ගියේ සුපුදුරු Blue dragon ක්ලබ් එකට.. ජිමින් ටේ එක්ක කියවන හැටි ජන්කුක් බලන් හිටියේ හිනාවෙවී.. ජිමින් ජන්කුක් එක්ක හොදින් කතා කරද්දි ජන්කුක්ට දැනුනේ පුදුම සතුටක්.. ඔහොම යන් ජන්කුකා...

ජිමින් ඇතුලට යන්න අදිමදි කරනවා කියලා දැනුනු හින්දා ටේ ජිමින්ගේ අතින් අල්ලන් ඇතුලට ගියේ ජන්කුක් එයාලා පස්සෙන් හිමිට ඇවිදන් එද්දි..
ජිමින් වට පිටම බලනවා.. එයාට මේක අලුත්.. යාලුවෝ එක්ක පාටි දාලා තිබ්බට මේ වගේ තැනකට ආපු ෆස්ට් ටයිම්.. ඒ අස්සේ බීගෙන නටන අය දැක්කම ජිමින්ට ටිකක් බය හිතුනා... ජන්කුකි හෙයෝන් හිටියේ ජිමින්ගේ එහා පැත්තේ වාඩිවෙලා.. එතකොට ටේටේ හෙයෝන් එයාලා ඉස්සරහා තිබ්බ ඩාන්සින් ෆ්ලෝර් එකේ ඩාන්ස් කරනවා....

ජන්කුක් ජිමින්ව මේ තැනට දෙපාරක් හිතලයි එක්කගෙන ආවේ.. ජන්කුක්ට ශුවර් ඊයේ වුන දෙයින් පස්සේ සන් ජුන් මේ පැත්තේ පස් පාගන්නැ කියලා.. කොහොමත් ඌ ඇත්තේ දැන් ඇදට වෙලා.. ආම්බානෙක කෑවානේ...ඉතින් මොකටත් කියලා ජන්කුක් හැමෝම ගැන අවදානෙන් හිටියේ.. එයාගේ චූටි ඒන්ජල් ගැනත්...

වේටර් කෙනෙක් ඇවිත් ජිමින්ට ස්ට්‍රෝබෙරි මිල්ක් එකක් සර්ව් කලා..

' වාව්.. ' ජිමින්ට සතුටුයි..

ජන්කුක් ⁣ෆෝන් එක ඔබන ගමන් ජිමින් සතුටින් ස්ට්‍රෝබෙරි මිල්ක් එක බොන හැටි බලන් හිනා වුනා...

" හෙයෝන්.. මෙහෙ මේවත් තියෙනවද??" චූටි අතෙන් ස්ට්‍රෝබෙරි මිල්ක් එක අල්ලන් ජිමින් ජන්කුක් දිහාට නැමිලා ඇහුවා...

~A RICH BRAT~ [KOOKMIN] (Completed)Where stories live. Discover now