41. Happiness~

929 226 39
                                    

ජන්කුක් ගෙදර එනකොටත් කලුවර වැ⁣ටිලා තිබුනා.. හැමෝම සතුටින්.. හිතපු විදියටම නඩුව සිද්ද වුනා. තව එකවාරෙකින් නඩුව ඉවරෙටම ඉවර කරන්න පුලුවන් කියලා ලෝයර් සියෝ කිවව නිසා ජන්කුක් වගේම මිස්ටර් ජෝන් හිටියේ කියාගන්න බැරි සතුටකින්.. ජන්කුක් සතුටටත් එක්කම තාමත් කිසිම දෙයක් දන්නැති එයාගේ ජිමින්ට පියෝනි මල් පොකුරකුත් අරන් යූහිගේ ගෙදර බෙල් එක ගැහුවා... ජන්කුක්ගේ මූනේ තිබුනේ හුග කාලෙකින් දකින්න පුලුවන් වුනු සතුටු හිනාවක්...

"ජන්කුකි..."  දොර ඇරපු ජිමින් සතුටින් ජන්කුක්ගේ බෙල්ල එල්ලුනා... උදේ ඉදන් ජන්කුක්ව දකින්න ලැබුනේ නැති නිසා ජිමින් හිටියේ ජන්කුක් ආපු එකට ලොකු සතුටකින්.. ජිමින්වත් උස්සගෙන වටයක් කැරකුනු ජන්කුක් ජිමින්ව බිමින් තිබ්බේ පියෝනි පොකුර ජිමින්ගේ අතින් තියන ගමන්...

"තැන්ක් යූ ජන්කුකි.. ලව් යූ.." ජිමින් ඇස් ⁣වැහෙන හිනාවෙන් හිනාවෙලා කියද්දි ජන්කුක් ජිමින්ගේ ලගට අරන් තදින් සිපගන්න ගත්තා.. ජිමිනුත් පුදුමයෙන් ජන්කුක්ට යටත් වුනේ ජන්කුක්ගේ හැසීරිම වෙනදට වඩා වෙනස් කියලා තේරෙද්දි...

හුස්ම ගන්න මොහොතකට ජිමින්ව ඈත් කරපු ජන්කුක් ජිමින්ගේ රතු තොල් මහපටැගිල්ලෙන් පිරිමදින ගමන් හිනා වුනා...

"දන්නවද?? මට අද හරිම සතුටු දවසක්.." ජන්කුක් මුමුනද්දි ජිමින් ජන්කුක්ගේ ඇස් වලට එබුනේ තාමත් වේගයෙන් හුස්ම ගන්න ගමන්...

"ආාහ්.."

"හ්ම්.. ලගකදි ඉදන් හිතට වදදුන්න දෙයක් අද විසදිලා ගියා.. මට ගොඩක් සතුටුයි.. මට කොච්චර සතුටුද කියනවනම් අද මට ඔයාව ගොඩක් කිස් කරන්න හිතෙනවා.." ජන්කුක් කිව්වේ ජිමින්ගේ කන්පෙත්තක් තොල් වලින් අල්ලගන්න ගමන්...

"ඔයාට සතුටු නම් මටත් සතුටුයි.." ජිමින් කිව්වේ ජන්කුක්ගේ ස්පර්ශෙට හිරිවැටෙන ගමන් ජන්කුක්ගේ ශර්ට් එක ⁣අතින් පොඩි කරමින්... දැනටමත් පියෝනි මල් පොකුර බිම වැටිලා හිටියේ එයාලා ලග ඉන්න ආදරවන්තයන්ට එකට ඉන්න ඉඩ හරින ගමන්..

"මගේ බෝලේ.. මගේ රෝස මල.. මගේ චූටි ඒන්ජල්... මම ඔයාට ගොඩක් ආදරෙයි..." ජන්කුක් කිව්වේ ජිමින්ව තව ටිකක් ඇගට තද කරගන්න ගමන්..

~A RICH BRAT~ [KOOKMIN] (Completed)Where stories live. Discover now