36.Crabs & Clams~

1.1K 282 195
                                    

පාර්ක් නිවසේ පලවෙනි දවස යම්තාක් දුරකට හරි හොදින් ගත කරන්න පුලුවන් වුනු නිසා ජන්කුක් හිටියේ සතුටින්... ජන්කුක් හොදට නිදා ගත්තා.. එයා තනියම නිදාගත්තත් ඇහැරෙද්දි දැක්කේ මී පැටියෙක් වගේ එයා⁣ගෙ පපුව උඩ නිදන් ඉන්න ජිමින්ව... කිව්වත් වගේම ජිමින් හොරෙන්ම ජන්කුක්ගේ රූම් එකට රිංගලා තිබ්බා... ඇදේ කොනක කොන් වෙලා හිටියේ ජිමින්ගේ හුරතල් කොට්ටේ... පේන විදියට මේ සතියේ රෝමියෝගේ චරිතේ රගපාන්නේ ජිමින් වගේ...

ජන්කුක් ජිමින් කුනු කුනු ගාද්දිම එයාව එයාගේ කාමරේට පිටත් කරලා වොශ් එකක් දාගෙනම මිසිස් පාර්ක්ට ගුඩ් මෝනින් කියන්න ගියා.. ජන්කුක්ට ජිමින්ගේ ඔම්මගෙන් ලස්සනම ලස්සන හිනාවකුයි උනුම උනු කිරිඑකක් එක්ක චොක්ලට් බේරෙන මෆින් එකකුයි ලැබුනම ජන්කුක් හොද බබෙක් වගේ ඉදගෙන ඒක කන්න ගත්තා.... දැනටමත් මිස්ටර් පාර්ක් කම්පැනි එකට ගිහින් හිටපු හින්දා ජන්කුක් හිටියේ ගේ ඇතුලේ කුරුල්ලා වගේ හරිම නිදහසෙන්...

ජන්කුක් කිරිත් බීලා මිසිස් පාර්ක් එක්ක කතා කර කර ඉන්න කොටයි ස්ලීපින් බියුටි කාමරෙන් එලියට ආවේ.. හුරතල් බව්වෙක් ඉන්න ටීශර්ට් එකකුයි ශෝර්ට් එකකුයි ඇදන් කම්මැලියෙක් වගේ කිචන් එකට ආපු ජිමින් මිසිස් පාර්ක්ගේ බෙල්ලේ එල්ලුනා... ඔම්මගේ බෙල්ලේ එල්ලිලත් නිදි කිරන ජිමින්ව දැකලා ජන්කුක් හිනා වෙවි හිටියා... බට් ජිමින්ගේ කියුට් සෙක්සි ඇදුම නිසා එයා හිත අස්සෙන් ගිනි ගෙන දැවෙන ගමනුයි හිටියේ.. ඒත් ජන්කුක් හිතාගත්තා ඇදුමක් නිසා එයා එයාගේ පාලනෙන් ගිලිහෙන්නැ කියලා... ජන්කුක් දැන් මේ වගේ දේවල් වලට පුරුදුවෙන ගමන්නේ ඉන්නේ... 😌

ජිමින් ජන්කුක්ව දැකලා මිසිස් පාර්ක් එයාගේ අතට දුන්නු හුරතල් තාරාවෙක් ඉන්න එයාගේ පොඩි කාලේ ඉදන්ම පාවිච්චි කරපු කිරි කෝප්පෙයි මෆින් එකක් දාපු තාරා පැටියෙක් ඉන්න පිගානයි අරන් ජන්කුක් ඉස්සරහින් වාඩි වුනා... ජිමින් ජන්කුක් දිහා බලන්ම මෆින් කාලා ⁣කිරි බොද්දි ජන්කුක් එයාගේ හුරතල් බෝයිෆ්‍රෙන්ඩ් කට වටේ ගාගන්න චොකෝ පිහිදන ගමන් ආදරෙන් ජිමින් දිහා බලාගෙන හිටියා.. එයාලා හිටියේ ඇස් වලින් කතා කරන ගමන්.. ගොඩක් දෙවල් ⁣ගැන....

~A RICH BRAT~ [KOOKMIN] (Completed)Where stories live. Discover now