Pt. 01

1K 114 13
                                    

සුපිරි පන්නයේ හෝටලයක මැද මහලේ උත්සව ශාලාව නේක වර්ණ විදුලි බබුළු,අනර්ඝ තිරරෙදි,සැපපහසු පුටු,දිව පිනවන බෝජන ආදියෙන් අලංකාර කරලා තිබ්බේ ඒ උත්සවයේ තේජස වැඩි කරන්න වගේ.

ඒකටම ගැලපෙන විදිහට අධික මිලගණන් වල ඇදුම් පැළදුම් ඇදගන ඉදිය මැදිවියේ මිනිස්සු ඒ උත්සවයේ වාඩි වෙලා ඉදියේ ගොඩක් ආඩම්බරයෙන්.

ඇත්තටම එයාලා ආඩම්බර වෙන එක පුදුමයක් නෙවෙයි.මොකද ඒ වගේ උත්සව ශාලාවක වාඩි වෙන්න පවා කෙනෙක් ගොඩක් පින් කරල තියෙන්න ඕනි.ආසියාවේ විශිෂ්ටතමයනගෙන් සැදුම්ලත් මේ උත්සවයට ආරාධනයක් ලබන්න කිසි කෙනෙකුට ලේසි වුනේ නෑ.

මැදිවියේ මිනිස්සු ගොඩක් මැද්දේ ඉස්සරහාම ආසනයක වාඩිවෙලා ඉදියේ ලස්සන ගෑණු ලමයෙක්.සුදු පාට දිග ගවුම,ඉන ගාවට තියන කඩා හැලෙන කොණ්ඩේ කෙල්ලට අමුතු පින්වන්ත පාටක් එකතු කලා.හැමෝගෙම ආඩම්බරකාර මූණු වගේම කෙල්ලගේ මූණෙත් චූටි හිනාවක් ඇදිලා තිබ්බා. ඒත් ඒ හිනාවෙන් වහගෙන ඉන්න ගිනිගන්න හදවත තාම කවුරැත්ම හරියට අඳුරගන්ත බවක් පෙන්න නෑ.

"අද මේ උත්සවයේ අවසාන වගේම විශිෂ්ඨම සම්මානය පුද කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ.කෙනෙකුට ලේසියෙන් ලගාකරගන්න බැරි හරි අපහසු ජයග්‍රහණයක් ලබාගන්න මේ වසරේ ලාබාල,තරැණ,දක්ෂ ව්‍යාපාරිකයෙක් සමත් වෙලා තියෙනවා.

"The best businessman of Asia award goes to......

" JEON JUNGKOOK"

හෝල් එක දෙදරන්න තරම් ඇහෙන අත්පුඩි සද්ද මැද්දෙන් කෙල්ල ස්ටේජ් එකට ඇදුනා.ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් අදින් කෙල්ලගේ අතට සම්මානය හම්බෙද්දී ඒකේ බරට කෙල්ලගේ අත් දෙක ටිකක් පහලට බරවුණා.ඇත්තටම ඒ සම්මානේ බර කොච්චරක්ද කියලා කෙල්ලගේ හදවතට තදින්ම දැනුනා.

"ඕහ්,ඒක ගොඩක් බරයි"

අනිත් අමුත්තන්ගේ කටින් හිනා හඩක් පිටවෙද්දී කෙල්ල එක අතකින් අවෝර්ඩ් එක අරගෙන මයික් එක ඉස්සරහින් හිටගත්තා.

"මුලින්ම මම ස්තූතිවන්ත වෙන්න කැමතී
මෙතනට රැස් වෙලා ඉන්න සියලු දෙනාටම. ඇත්තටම කිව්වොත් මේ සම්මානේ නිකම්ම නිකන් ලෝකඩ වලින් හදපු එකක් නෙවෙයි.මේක ඇතුලේ මගේ කුකීගේ කැපවීම,මහන්සිය, එයාගේ කදුළු,ලේ මේ හැමදෙයක්ම අඩුවක් නැතුව තියනවා.මේ තැනට එන්න එයා විදපු හැම දුකකම අන්තිම ප්‍රතිඵලය තමයි මේ.මගේ කුකී මෙතනට එන්න ජීවිතේ ගොඩක් දේවල් කැපකලා. ඒ හැම කැපකිරීමකම බර මේක ඇතුලේ තියනවා.මිනිස්සු ගොඩක් වෙලාවට අහිමි කරගන්න අකමැති,එයා මට පපුව පුරෝලා දුන්නු ආදරේ පවා කැපකරල ගත්ත මේ සම්මානේ ඇත්තටම ගොඩක් බරයි. කම්සාහම්නිදා ."

Goodbye My Love || COMPLETED Where stories live. Discover now