Pt. 03

340 99 9
                                    

වෙනදා දෙන්නක්ගේ හිනා හඩින්,පුංචි පුංචි රණ්ඩු වලින් පිරිලා තියන ඕක් ගහ යට අද කෙල්ල තනියම. ඒ ලස්සන ආදරේට අද කාගෙදෝ ඇස්වහක් වැදිලා.හැම පුංචි දෙයක්ම ජන්කුක් එක්ක බෙදාගත්ත කෙල්ලගේ දුක,හදවත පුරා උඩුදුවන පාලුව මකන්න අද කොල්ලා නෑ.

'හැමදේම හරියයි මැණික' කියලා ඔලුව අතගාන්න,කෙල්ල අඩනකොට පපුවේ හොවාගන සනසන්න අද කෙල්ලගේ ශක්තිය එයා ගාව නෑ.ඇත්තටම ජන්කුක් නැද්ද?නෑ ඉන්නවා .කෙල්ලට නොපෙනෙන දුරකින් කෙල්ල දිහා බලාගෙන ජන්කුක් ඉන්නවා.

" යුනායා,ඔයා අද තනිවෙලා."

හිත පුරා තනිකම කියන දේ පෙරලි කරද්දී කෙල්ල  තාමත් හිතන්නේ ජන්කුක් ගැන."ඇත්තටම ඔයා හොදින්ද කුකී?මන් නැතුව ඔයා සතුටින්ද ඉන්නේ" මේ සේරටම උත්තර තියන කෙනා කදුලු පිරිච්ච ඇස් දෙකකින් මේ දිහා බලා ඉන්නවා කියලා යුනායා දන්නවනම්. මේ සේරම අමතක කරලා දාලා ඒ උණුහුමේ ගුලි වෙයි. කොහෙවත් යන්න නොදී හිර කරලා අල්ල ගනී. ඒත් අවාසනාවකට අද ඒ දෙන්නා දෙතැනක......

ඇත්තටම කොල්ලා හොදින්ද? නෑ පොඩ්ඩක්වත් හොදින් නෙවෙයි. කම්මුල් පුරා රූරලා වැටෙන කදුලු පිහදාන්න ජන්කුක්ගේ අත නලියනවා. තනියම අඩන කෙල්ලව පපුව අස්සේ හංගගන්න කොල්ලගේ හිත බල කරනවා.ඒත් තාවකාලික සතුටක් වෙනුවෙන් යුනායාගේ ඉදිරි අනාගතේම අමු සොහොනක් කරලා දාන්න කොල්ලට බෑ.කෙල්ල ගාවට යන්න අඩියක් ඉස්සරහට තියෙනකොටම ජන්කුක්ගේ මොලේ කියන්නේ එක දෙයයි.

"ජන්කුක් ,උබට තියෙන්නේ තව ටික කාලයයි"

හැම සෙනසුරාදම මේ ඕක් ගහ ගාවට ඇවිල්ලා නිදහසේ ජිවිතේ විදින්න මේ දෙන්නම ආස කලා.

ඒ පුරුද්දට තමයි අද කෙල්ලයි කොල්ලයි දෙන්නම මෙතෙන්ට ආවේ.

ඒත් ජන්කුක්ට බෑ කෙල්ල ගාවට ගිහින් ඒ හිතට දුකක් දෙන්න."ඇයි මැණික අපි දෙන්නට මෙහෙම වුනේ?අපි මොකක්ද කරපු වැරැද්ද?"වේදනාවෙන්  ඇදුම්කන පපුව දකුණු අතින් මිරිකගෙන කොල්ල කල්පනා කලේ මේ දේ වෙච්ච මුල්ම දවස ගැන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
FLASH BACK

ජන්කුක් උදේ පාන්දරම ලෑස්ති වුනේ වැඩට යන්න. කණ්නාඩිය ඉස්සරහට වෙලා ටයි එක හද හද ඉදපු කොල්ලව එකපාරටම කැරකෙනවා වගේ දැනුනා.

Goodbye My Love || COMPLETED Where stories live. Discover now