ජන්කුක්,යුනායා දෙන්නා කාර් එක ලස්සන බීච් සයිඩ් එකකින් නතර කලා.ටක් ගාල ඩ්‍රයිවින් සීට් එකෙන් බැස්ස කෙල්ල ජන්කුක්ගේ පැත්තෙන් දොර ඇරලා පරිස්සමට ජන්කුක්ව එලියට ගත්තා.
කොල්ලගේ ඔක්සිජන් පුරෝපු පුංචි සිලින්ඩරේ එක අතකට ගත්ත කෙල්ල අනිත් අත ජන්කුක්ගේ ඉණ වටේ දාලා තමන්ට හේත්තු කරගත්තා. ස්වභාටික වාතාශ්‍රය ඇදලා ගන්න තරම් කොල්ලගේ දුර්වල පෙනහළු ශක්තිමත් නෑ.ඒනිසා යන හැමතැනටම පස්සෙන් එන පුංචි සාමාජිකයා තමයි ජන්කුක්ගේ ඔක්සිජන් කෑන් එක....
මිනිස්සු කවුරුත්ම නැති මුහුදු වෙරළට පුංචි දියරැලි ඇවිත් වැල්ල හෝදගන යන හැටි ජන්කුක් බලා ඉදියේ හරිම ආසාවෙන්. අවුරුදු දෙකක් පුරාවට මගෑරිච්ච ආදරේ,ඒ උණුහුම විදින්න තමයි අද යුනාකුක් කපල් එක ටිකක් එළියට ආවේ.
ජන්කුක්ගේ ජීවිතේ අන්තිම කාලේ මේක වුනාට ඔහේ ලෙඩ ඇදක් උඩ වැතිරිලා ඉන්නවට වඩා මේ වගේ පුංචි පුංචි මතක ජීවිතේට එකතු කරගන්න එක හොදයි කියන දේ දෙන්නටම හිතුනා.
මුහුද හෝ ගාන සද්දෙත් එක්ක එන හීතල මුහුදු සුලඟ කොල්ලගේ තෙහෙට්ටු ශරීරයට ගෙනදුන්නේ සනීපයක්. ඈතට ඈතට විහිදිලා තියන පරක් තෙරක් නොපෙනෙන මහ සයුර දිහා බලාගන යූනාකුක් ජීවිතේ තවත් වර්ණවත් හෝරා කීපයක් ඒ විදියට ගෙවිලා ගියා.
මෙච්චර දවස් ඔවුන්ගේ දිවිගමනේ තිබ්බ අදුරු දවස් අමතක කරලා දාලා ඒ ආදරණීය සොදුරු මතක මතකාවර්ජනය කරන්න එයාලා අමතක කරේ නෑ. හිනා හඩවල්, පුංචි පුංචි රණ්ඩු ආදරණීය සිපගැනිම් මැද්දේ තවත් ලස්සන හවස් කාලයක් ඒ විදියට එයාලා වින්දා.කාලෙකට පස්සෙ කෙල්ලයි කොල්ලයි හිනාවුණා. හදවතින්ම.........
තවත් දවසක රාජකාරි ඉවර කරලා නිහඬවම නික්මයන ඉර දිහා බලාගන කොල්ලා කතා කරන්න ගත්තේ යුනායව පිස්සු වට්ටපු ඒ බනී ඇස් දෙකේ සතුට පුරෝගන
"මැණික දන්නවද ,මගේ අන්තිම ආසාව මොකද්ද කියලා...... ??"
අන්තිම කියන වචනේ ඇහෙන වාරයක් වාරයක් ගානේ කීරිගැහෙන හවදත අමාරුවෙන් මෙල්ල කරගෙන ඇස්වලින් පිටට පනින්න පොරකන කඳුලු තදකරගෙන කෙල්ල ඔලුව වැනුවේ දන්නෑ කියන්න.
YOU ARE READING
Goodbye My Love || COMPLETED
FanfictionWill you forgive me? I promise, In the next life, I'll not give up until the end.... -JJK- Published date - 07/01/2022