අද ජන්කුක්ගේ ජීවිතේ වැදගත්ම දවසක් කියලා කියන්න පුලුවන්. අවුරුදු දෙකක් තිස්සේ ජන්කුක් අසීමාන්තිකව දුක් වින්දේ මේකට, කොල්ලගේ ආදරේ දිහා දුරින් ඉදන් බලලා සැනසුනේ මේකට.අද තමයි දවස. ඒ හැම කැපකිරීමකම ප්‍රතිඵල පෙන්නන්න තියන.
අද දවසේ විතරයි කොල්ලට සාර්ථක වෙන්න තියෙන්නේ.මේකෙන් දිනුවට පස්සේ කොල්ලගේ හීනේ හැබෑවක්.
අද වෙනකම් ජීවිතේ ගැට ගහගත්ත හේතුව, Best businessman of Asia වෙන්න තියන අන්තිම project එක .මේ දහදෙනා අතරින් පලවෙනි තැනට ආවොත් ඒ අවෝර්ඩ් එක අනිවාර්යයෙන්ම ජන්කුක්ට හම්බවෙනවා. ඒ කියන්නේ කොල්ලගේ ටාර්ගට් එක කම්ප්ලීට්.
"යාහ් ජන්කුකා කෙලින් හිටපන්.යාහ් යාහ් අද තමුසෙට වැටෙන්න බෑ.මෙච්චර දවසක් කට්ට කෑවේ මේකට නේද??ආයිශ් කෙලින් හිටපන් මිනිහෝ."
ජන්කුක් දැන් හොදටම දුර්වලයි.තමන්ටවත් වාරු නැති ශරීරයට තරවටු කරගන්න ගමන් කොල්ල තමන්වම මෝටිවේට් කර ගන්නවා. කොල්ලා දන්නවා අද මේක මිස් වුනොත් ආයේ කවදාවත්ම මේ වගේ අවස්ථාවක් ජීවිතේට නොලැබෙන බව.
තට්ටු විසිතුනකින් සමන්විත මේ සද්දන්ත ගොඩනැගිල්ලේ විසිවෙනි මහලේ තමයි ජන්කුක්ගේ ව්‍යාපාර ජීවිතේ හැරවුම් ලක්ෂය සිද්ධ වෙන්න යන්නේ. එලිවේටර් එකේ ඇතුල් බිත්තියට හේත්තු වෙලා ඔලුවත් ඇල කරලා හේත්තු කරගෙන ඉහල මහලට ඇදෙන ජන්කුක්ගෙන් "කුකී නොල් ග්වෙන්චනා(ඔයා හොදින්ද) "කියලා කියලා ජිමින් අහන්නේ මේ විසි හතර වෙනි පාරට. ගෙදරින් එලියට බහින්න කලින් ඉදන්ම තමයි ජිමින් මේ රැප් එක පටන් ගත්තේ.
තමන්ගේ පොඩි එකාව දකින වාරයක් වාරයක් පාසා ජිමින් පිච්චෙනවා.මේ හුස්ම පොද කවද නවතීද කියන බයෙන් ජිමින් ජීවත් වෙන්නේ. ඒ නිසා දැන් විනාඩියක් ගානේ ජන්කුක් ගැන බලන එක ජිමින්ගේ වගේම සූහියාගෙත් පුරුද්දක්.
"දේහ් හියුන්. නෝ ග්වෙන්චනා."
"ඇගට මොකක්හරි අමාරුවක් දැනුනොත් මට කියන්න හොදද?"
යන්නම ඕනි ගමනක් නිසා ආවා මිසක් ජිමින්ගේ හිතේ පොඩි කැමැත්තක්වත් නෑ තමන්ගේ මල්ලිට මේ තත්වෙන් ඉන්නකොට මහන්සි කරවන්න. ජන්කුක්ව පරිස්සමින් අල්ලගෙන ජිමින් කම්ෆරන්ස් රූම් එක ඇතුලට ගිහින් වාඩි වුණා.
YOU ARE READING
Goodbye My Love || COMPLETED
FanfictionWill you forgive me? I promise, In the next life, I'll not give up until the end.... -JJK- Published date - 07/01/2022