Pt. 02

411 98 10
                                    

ආයිශ්..මේ වැක්කෙරෙන එක නවතින්නේ නෑනේ.ශික්."

ජන්කුක් එයාගෙම ලේ ගෑවිලා විනාස වෙච්ච හතරවෙනි A4 කොලෙත් පොඩිකරලා විසික් කරා. වෙලාව මහ පාන්දර 12.30 කියල පෙන්නනකොටත් කොල්ලා තාම ඔෆිස් එකේ.

නහය දිගේ බේරෙන ලේ බිංදු පිටිඅල්ලෙන් පිහදාගත්ත කොල්ලා ආයිත් ඔලුව නමන්න හදනකොටම ආයෙත් අර දරාගන්න බැරි ඔලුව කැක්කුම. ඒ වෙලාවට කොල්ලට ඔලුව හරවන්නත් බෑ ඔලුව ඇතුලෙන් ඉදිකටු අනිනවා වගේ.

ඉස්සරහ මොනිටර් එකේ තියන අකුරු දෙක තුන වෙලා පෙනෙද්දී කොල්ලා තමන්ටම සාප කරගත්තා.ලේ එක එක නතර නොවෙන නිසා යාන්තම් අත දිගෑරල ගත්ත ටිෂූ එකෙන් කෑල්ලක් නහය අස්සේ ඔබාගන ආයිමත් වැඩේට අවධානේ දුන්නා.

ජන්කුක්ගේ ඇග මේ වෙලාවේ ඉල්ලුවේ නින්ද.කොල්ලට ඇත්තටම මහන්සී.ඒත් ඒ හැමවෙලාවකම එක දෙයක් නිසා නින්ද,විවේකය කියන්නේ කොල්ලට හීනයක්.කොල්ලට නින්ද ඉල්ලන හැමවෙලාවකම මොළේ කිව්වේ

"ජන්කුක් , උබට තියෙන්නේ තව ටික කාලයයි "

නහය අස්සේ ඔබලා තිබ්බ ටිෂූ පේපර් එක දිගේ තවත් ලේ බිංදුවක් රෑරලා ඇවිල්ලා ආයිමත් කොලේට වැටෙද්දී කොල්ල අන්ත අසරණ වුණා.

වීදුරු දොර අස්සෙන් මේ හැමදේම බලාගන ඉදිය ජිමින් කැබින් එක ඇතුලට ආවේ බැරිම තැන.ගහන්න තියන අන්තිම තුරුම්පුව ගහලා හරි කොල්ලව ගෙදර එක්කන් යනවා කියලා හිතාගනමයි ජිමින් මේ පාර ආවේ.

"කුකා,දැන් ඇති බන්. ඔය ටික හෙට කරමු. දැන් යමන් ගෙදර..ම්ම්ම්?????"

ජන්කුක්ගේ සුදුමැලි වෙලා තිබ්බ මූණ දිහා බලාගන ජිමින් කිව්වේ දරාගන්න බැරි දුකකින්.

"අනී හියුන්.මේක මිස් උනොත් ඉවරයි.මම මේ ටික කරලම එන්නම්.හියුන් තාම ගෙදර ගියේ නැද්ද??"

"ගෙදර ගිහින් තමයි ආයේ ආවේ.උබ මෙහෙම දාලා මන් කොහොමද බන් ගෙදර ඉන්නේ.යමන් ගෙදර."

"ඒත් හියු-"කොල්ල කියන්න යන දේ ගැන හොදටම දන්න ජිමින් කොල්ලා කතා කරන්න හදනකොට මැදින් පැන්නා.

"උනට හියුන්ව විශ්වාසද"

"හැමදේකටම වඩා"

Goodbye My Love || COMPLETED Where stories live. Discover now