කතිරිනා,
තෙරුවන් සරණ මැද
බෞතීස්ම ලද්දී,
හිමිකාරී වූ
සිහසුනට ලෙයින්, ඕ
මුදු ලපටි රුවැත්තීඔටුන්නට බැඳි
යදම් හුය අග
රූකඩයක් වන්නී,
දෙවියන් සොයමින්
දෑත් අයා, ඕ
ඔරසන් තෙපලන්නීගිජුකම් බලයට
පානාවුන් අත
කුසුමාසන දේවී,
අකලට පරවී
මහලුන් හට, ඕ
අග බිසවුන් වන්නීවීරයන් උන්
ඉතිහාස පොත්වල
නුඹ කුමක් කරන්නී,
දරු රුවන් වැදු
උන්ට දා, ඕ
පනසේ ම රකින්නී,පුතුන් නසා ලූ
බලයේ අසිපත
ළඟ වියරු වැටෙන්නී,
දෝරේ ගලනා
මව් සෙනෙහෙන්, ඕ
උන්මන්තක වන්නීවැඩිමල් දියණිත්
තම සැමියාටම
බිරිඳව බිලිවන්නී,
තම ඉරණම හිමි
දූ ගැන සිතමින්, ඕ
තව ලතැවෙන්නීදළදාව වැඩ
හිඳින මැදුරක
සැනසුම නොලබන්නී,
පින්කඳ මදි වී
මංමුලා ව ඕ
මේ ලෝ හැර යන්නී...
- ඓශ්චර්යා චන්ද්‍රසේකර -*****
කතෘ සටහන
" 'කොහොමටත් ඔය රූප සම්පත්තිය තියෙන ගෑනුන්ගෙ ජීවිත මහ විඳවිලි.'
'ඇයි?'
'ඇයි යකෝ කෙනෙක්ට මනුෂ්‍ය ආත්මයක් ලබන්ට විශාල පින් ප්‍රමාණයක් වැය වෙනව. රූප ලස්සනේ ලබන්ට තව විශාල කොටසක් යනව. ඔය ඉහල තැනක ඉපදෙන්ට තවත් වියදං වෙලා අන්තිමට ජීවිතේ ගෙවාගන්ට ඉතුරු වෙන්නෙ බොහොම ස්වල්පයයි. ඒ ටික යංතන් ගලගාන යනකොට පරණ පව් පල දෙන්ට පටන් ගන්නව. ඇස් පනාපිටම දැක්කනෙ අපේ මහරැජින විඳෙව්ව විඳවිල්ල.' "උපුටා ගැනීම -
සාගර විජේසනයන්ගේ "පන්හිඳ"නවකතාව (2020 ස්වර්ණ පුස්තක නිර්දේශිත)