ජිමින්, ජන්ග්කුක් එනකන් බලන් හිටියා. අතේ තිබ්බ මල් ටික හරි පරිස්සමට අල්ලන් හිටියත්, ජන්ග්කුක් ට එයාගෙ හිතේ තියෙන ආදරේ ගැන කියන්න එයා බය වෙලයි හිටියෙ. ඒත් ජන්ග්කුක් එයාගෙ ආදරේ පිළි ගනීවි කියල එයා ගොඩාක් විශ්වාස කරා.
ජිමින් වෙලාව බැලුවා, 4.05 යි.
ජන්ග්කුක් එන්නෙ නැති වෙයි කියල එයා ගොඩක් බය උනා.
එයා බලන් හිටියා, තවත් බලන් හිටියා, ඒත් එකපාරටම එයා දැක්කේ...
හති දාන තේහ්‍යොන් ව.
"ටේ? මොකද උනේ? කෝ ජන්ග්කුක්?"
ජිමින් තවත් දුක් උනා. අත් වෙවුලන්න ගත්තත් ඒ අත් වලින් මල් ටික අත ඇරුනෙ නෑ.
ඒ ජන්ග්කුක් ගෙ ආසම ඩේසි මල්.
"ජිමින් අපි පුලුවන් තරම් ඉක්මනට එහෙට යන්න ඕනෙ" තේහ්‍යොන් ජිමින්වත් ඇදගෙන පහළට දිව්වා.
එයාල වාහනේට නැග්ග ගමන් ම ජීන් එයාලව එක්කන් ගියා.
-----------------------------------------------------------------------------
- ❤💐 -
CZYTASZ
sᴛɪᴄᴋʏ ɴᴏᴛᴇs // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ
Fanfiction✨️නාඳුනන අගය කරන්නෙකුගෙ sticky notes ආදර කතාවක්...✨️