Chapter 26

55 14 6
                                    

සුපුරුදු පරිදි දවස ගෙවී රාත්‍රිය එළබුනා. සියල්ලෝම රාත්‍රී ආහාරය ගෙන මඳ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී තම තමන්ගේ නිදන කාමර වලට ගියේ සුව නිද්දක් ලබාගන්නයි.

දරුවන් ඔවුනොවුන්ගේ නිදන කාමර වලට ගිය පසු, ජිසා ඒ හැම කාමරයකටම ගොස් සියල්ල නිසියාකාරව ඇතැයි පරීක්ෂා කරලා අනතුරුව දරුවන්ට නිසි ලෙස බ්ලැන්කට් ආදිය පොරවා තම සුරතල් දියණිය වූ මිසිට සුරංගනා කතාවක් කියා දීමට ද අමතක නොකර සිදු කලාය.

මේ සියල්ල හමාර වූ පසුව ජිසා  ඔවුන්ගේ නිදන කාමරයට ආවා. දවස පුරාම වෙහෙස මහන්සි වීම නිසාදෝ ඇඳට වැටුණු සැණින් ජිමින් නිදි දෙව් තුරුලට ගොස් සිටීයා. ඔහුට බාධා කිරීමට නොසිතා ජිසා විදුලි පහන නිවා හීන් සීරුව බ්ලැන් කට්ටුව තුළට රිංගා ගෙන නිදිගාත්තෙ දහසක් හින මවමින්.

ජිමින් එක්වරටම තිගැස්සී අවදි වූයේ කවරකු හෝ තමාව ඇඳෙන් බිමට ඇද දමන්නට තැත් කරනවා යැයි යන හැඟීමෙනි.ඔහුගේ මුළු ඇඟම දාදියෙන් තෙත් වී තිබුනා. උගුර කට වියළි ගොස් තිබුනා. ශීතකරණය වෙත ගිය ඔහු වතුර බෝතලය රැගෙන උගුරු කීපයක් බීගෙන බීගෙන ගියා.

ඔරලෝසුව දෙස බැලූ ජිමින්ට දැක ගත හැකි වූයේ වෙලාව පාන්දර 3 බවයි. එවිට ඔහුගේ හිතට යම් හැඟීමක් වධ දෙන්නට විය.

"පාන්දර තුනයි. මේ දවස් ටිකේම මට පාන්දර ඇහැරුණා. ඒ හැමදාම මං ඇහැරිලා තිබ්බෙ පාන්දර තුනට නේද ? ඇයි මේ? මීට ඉස්සර වෙලා මට එහෙම වෙලා නෑනෙ..''

මේ සිතුවිලි වල ඔහුට වැඩි වේලාවක් ගිලී සිටීමට නොහැකි වූයේ හැරී මහ හඬින් බුරා හැලෙන්නට වීම නිසාය. රාත්‍රියට වත්තේ නිදල්ලේ සැරිසරන හැටි බෝට්ටු මඩුව වටා යමින් එදෙස බල බලා බුරා හැලෙයි. විටෙක අඩි කීපයක් ඉදිරියට යමිත් බෝට්ටු මඩුවට ළංව බුරා වැටෙන හැරී, ඊළඟ මොහොතේ අඩි දෙක තුනක් පසු පසට පනින්නේ යමකට බියපත් වූ බව පෙන්වන ඉරියව්වකිනි.

ජනෙල් වීදුරුවෙන් මේ සිදුවීම දුටු ජිමින් විදුලි පන්දම ද රැගෙන එළියට බැස්සේ බෝට්ටු මඩුව දිසි කිරීමටයි. ගෙදරින් යාර 50 පමණ දුරින් පිහිටි බෝට්ටු මඩුව වෙතට ජිමින් ගමන් ගනිත්ම හැරිගේ බුරන වේගය ද වැඩි විය.

" හැරී ... හැරී...ගුඩ් බෝයි මොකෝ ප්‍රශ්නෙ... කවුද ඉන්නෙ මඩුවේ ඉන්න අපි බලමු...''

ජිමින් බෝට්ටු මඩුවේ දොර විවර කළේය. කිරි කිරි ගාමින් එය විවර වූයේය. වෙනදාට මෙවැනි අවස්ථාවන්හි ජිමින් සමගම ඒ ඒ ස්ථාන වලට පැමිණෙන හැරී මෙදින එසේ නොපැමිණියේය.

"කම්....හැරී.....කම්... කමෝන් බෝයි...’’

ජිමින්බ්කථා කළද ඌ පෙර මෙන්ම මඩුව වටා දුවමින් ඈතට පනිමින් බුරන්නට ගත්තා මිස ඇතුළට පැමිණියේ නැත. විදුලි පන්දම් එළිය බෝට්ටු මඩුව පුරා පැතිරිණ. ජිමින් හිමින් හිමින් එතුළට ගියේ හැරි බුරා හැලෙන සතුරා සොයා ගැනීමේ අදිටනිනි. කුමක් ද එය? හොර සතුරෙක් ද ? සතෙක් ද? යමෙක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි සෑම අහුමුල්ලක්ම ජිමින්ගෙ නිරීක්ෂණයට ලක්විණ. බෝට්ටු ආම්පන්න, ලණු කැරැලි, ලතැරුම්, හිස් පෙට්ටි, බෝට්ටුව මේ ආදී දේ හැරුණු කොට පණ ඇති කිසිවෙක් එතුළ නොවීය. වඩාත් හොඳින් සැක හැර ඒ බව සනාථ කරගත් ජිමින් එයින් පිටතට ආවේ හිත යටින් හැරිට ද බැණ වදිමිනි. ඒ වන විට ද හැරී තම බිරීම නවත්වා නොතිබිණි.

" හැරී... නවත්තනව ඕක.... නිකං බොරුවට බුරන්නෙ පිස්සුද උඹට ''

එහෙත්, හැරි නොවේ ඒ කිසිවක් කනකට ගත්තේ ඌ දිගින් දිගටම බිරුවේය. උගේ බිරිම ගණනකට නොගත් ජිමින් ආපසු නිවස තුළට විත් දොරගුළු දමා ගත්තේය. අනතුරුව තවත් වතුර වීදුරුවක් පානය කළ ඔහු නැවත තම නිදි යහනට පිවිසියේය. එහෙත්, ඒ වෙද්දිත් ඔහුගේ යටි සිතේ කැකෑරෙන ප්‍රශ්නයක් විය.

' ඇයි මේ දවස් ටිකේම පාන්දර තුනට ඇහැරුණේ?....'

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now