තම නිවසට පැමිණ දින හතරක් පමණ ගත වූ තැන ජිසා නියමාකාරයෙන් නිවසේ ඒ ඒ කොටස්, ඒ ඒ කාර්යයන් සඳහා බෙදා වෙන් කරලා තිබ්බා. මැහුම් ගෙතුම් වලට කැමැත්තක් දැක් වූ ජිසාගේ එක් සිහිනයක් වූයේ තමන්ටම කියා වෙනම මැහුම් කාමරයක් වෙන්කර ගැනීමයි.
මේ නිවසට ජිසා කැමති වූ එක් හේතුවක් වූයේ ද එයයි. ඇය තමාගේ මැහුම් කාමරය ලෙස තෝරා ගත්තේ දෙවන මහලේ වූ කාමරයකුයි. දේවගැති ටෙහයුන් නිවාසයට ආශිර්වාද කරද්දි ඔහුට අභව්‍ය අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වූ කාමරයයි ඒ. ඩිෆෝ පවුලේ මාක් හා ජෝන් මරු මුව දුටු කාමරයයි ඒ. එහෙත් ජිසා මේ කිසිවක් ගැන දැන නොසිටියා.
මෙදින ඇය මේ කියන මැහුම් කාමරයට වැදුණේ, නිවසේ පලුදු වී තිබූ තිර රෙදි කීපයක් එළලීමටයි. කාමරය තුළට වත් ඇයට දැනුණේ අසාමාන්‍ය ශීතලකි. මේ ශීතල, ගීත සෘතුවේ දැනෙන ශීතලට වඩා වෙනස් වූවක් බව ඇයට හැගුණා. නත්තලත් ළංවෙමින් තිබ්බෙ.. එළඹී ඇත්තේ ද ශීත සෘතුවයි. එහෙත්, මෙහි වෙනසක් තිබේ. ඒ ගැන අමතක කර දැමූ ජිසා, තිර රෙදි එළලන්නට වූනා. එක් වරම කවරෙකු හෝ තමා දෙස බලා සිටිනවා වැනි හැඟීමක් ඇයට ඇති උන නිසා එළලීම මඳකට නැවැත් වූ ඇය, හොඳින් වටපිට බැලුවා. කවුරුත් නෑ. ඇස නැවත තමාගේ කාර්යයෙහි නිරත වූවා.
දැඩි අවධානයෙන් තමාගේ කාර්යයේ යෙදී සිටි ඇයට මෙවර සිදු වූ දෙයින් සිතාවක් මුවගට නැංවෙලා ගියේ නිරායාසයෙන්මයි. ජිමින් පිටුපසින් පැමිණ තමාව බදා ගන්නවා ඇයට දැනිනි.ඔහුගේ උණුසුමට කවදත් ආසා කළ ඇය, දෑස පියාගනිමින් මඳ සිනාවෙන් යුතුව පුටුවේ කෙළින් වූයේ ජිමිගේ ආලිංගනය මනාව විඳ ගැනීමටයි. ජිමින්ගේ දෑත් ඇගේ පියයුරු සොයා ගමන් කරනු ඇයට දැනින..
"මෙයා නං ඔහොමමයි... පොඩ්ඩ ඇත්තං ඇති...... "
ඇය දඟකාරීව සිතුවාය. ඇය ආපිට හැරුණේ ජිමින්ව සිප ගෙන ඔහුට ප්‍රතිචාර දැක්වීමටයි. එහෙත්,එහි කිසිවකු සිටියේ නැත. භීතියට පත් වූ ජිසා එක්වරම පුටුවෙන් විසි වී නැගිට්ට උනා. ඇය කෑ ගැසීමට තැත් කළ ද කිසිදු හඬක් උගුරෙන් පිට නොවුනා. වහා කාමරෙන් පිටතට යාමට පැමිණි ඇයට වත්තේ ඈත කෙළවරේ යම් කිසි වැඩක නිරතව සිටින ජිමින්ව දක්නට ලැබිනා. ඇය වහා පහත මාලයට දුවගෙන ආවේ හති ලමිනි. මුළුතැන්ගෙට පැමිණි ඇය, ශීත කරණය විවර කොට හීතල වතුර බෝතලය ගෙන ඉන් මුහුණ සෝදා ගත්තා..අනතුරුව එයින් මඳක් පානය කරලා, ඊළඟට මුළුතැන්ගෙයි වූ පුටුවක් මතට ඇද වැටුණු ඇය, සිදු වූ දේ වටහා ගැනීමට උත්සාහ ගනිමින් සිටියා..
YOU ARE READING
✞ 𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
Horrorසත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් ගම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ BTS version එක.