chapter 29

51 16 5
                                    

එහෙත් ඔහුට එවැන්නක් දැන ගැනිමට හෝඩුවාවක් එහි නොවීය. බිත්තියේ පලුද්දක් නොවිණි. පිපිරීමක් නොවිණි. අඩු වශයෙන් සිදුරක්වත් නොවිණි. මේවා ගලා එන්නේ කොහෙන්ද? මේ දියරය කුමක්ද? මෙය මේ නිවස පදිංචියට නුසුදුසු බව පෙන්වන පෙර නිමිත්තක්ද ? දැන් ඉතින් පළමුවෙන් කළ යුත්තේ මෙය ශුද්ධ පවිත්‍ර කර දැමීමයි.

"හරි.. හරි, ඔයාල යන්නකො උඩට... ගිහිං එහෙ සෙල්ලම් කරන්න. "

දරුවන්ව එසේ පිටකළ ජිසා හා ජිමින් බිත්ති ශුද්ධ කරන්නට වූහ. මොහොතකින් දරුවන්ගේ කෑ ගැසීම් ඇසෙන්නට විය.

"මේ බලන්නකො... අම්මේ... මෙහෙ එන්න... ඉක්මනට "

වහ වහා උඩට දිව ගිය ජිමින්ට හා ජිසාට දැක ගත හැකි වූයේ දරුවන් කෑ ගසන්නේ උඩම තට්ටුවේ සිට බවයි. ඔවුහු වහ වහා උඩට නැඟීමට වූහ. දරුවන් තිදෙනාම ඔවුන් ක්‍රීඩා කරන කාමරයේ දොර දෙස බලා සිටින බව ඔවුන්ට දැකගත හැකි විය.

ජිමින්ගේ හා ජිසාගේ ඇස් හතර ද මොහොතින් එදෙසට යොමු විය. එම දොර යතුරු සිදුරින් සාලයේ බිත්තිවලින් වෑහුණු කොළපාට දියරය වැනිම වූ දියරයක් වෑස්සෙමින් තිබිණි. ඒවා පැමිණෙන්නේ කොහෙන්දැයි සිතා ගැනීමටවත් නොහැකි විය. එක දිගට සපැමිණෙන සිද්ධීන් වල තැවරී ඇති අද්භූත භාවය මෙන්ම ගුප්ත බව ටිකෙන් ටික ඔවුන්ගේ සිත් තුළට කාන්දුවන්නට විය.


_______________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now