JUNGKOOK'S POVමම මගෙ කමිසෙ අගින් පොඩ්ඩක් අල්ලන් හිමින් හිමින් පඩිපෙල බැහැගෙන ගියෙ වටේටම ඇන්ටනාව දාගෙන.සමහර විට මම සමාව ඉල්ලුවොත් එයා සමාව නොදෙන එකක් නෑ.මුලු ගෙදරම කිසි සද්දයක් නෑ.බයේ බෑ.මම අන්තිමට සාලෙ පැත්තට ගියා..හම්මේ ඔය ඉන්නෙ බැබලි බැබලි.තේහියුන්ග් මට පිටිපස්ස හැරිලා හිටියා.
"හ්-හායි"
මම ලැජ්ජාවෙන් එයාට කිව්වත් එයා මගෙ පැත්ත පලාතකට මූන හැරෙව්වෙ නෑ.එයා කන්නාඩියක් දාගෙන පොතකට එබිල හිටියෙ නොම්බර එකේ පොත් ගුල්ලෙක් වගේ.එයා කන්නාඩි දාන්නේ කවද ඉදන්ද."ඔ-යා කිව්වා මාත් එ-ක්ක පස්සෙ කතාකර-න්න ඕන කියලා"
මම ගොත ගගහා කිව්වම එයා කන්නඩි දෙකත් ගලවලා පොතත් වහලා කේන්තියෙන් මං දිහාට හැරුනා ඉල්ලන් කෑම කලාවක්නම් ඒකේ පිකාසෝ ජියෝන් මෝඩ ජන්කුක් වන මම වෙමි."එක්-කෝ මං පස්සෙ-ම එන්-නම්"
මම ඉක්මනට ගොතගගහා කියලා අනිත්පැත්ත හැරිලා දුවන්න ගියෙ ඒත්"10 000"
"ඇහ්"
මම හෙල්ලෙන්නැතුව එහෙම්ම හිටියා.එයා මොකක්ද ඒ කියපු එකෙන් අදහස් කලේ.මට නම් කිසි අයිඩියා එකක් නෑ .
"ඔයා ඊයෙ නාස්ති කරපු මගෙ බීම , විනාස කරල තියෙන කාපට් එක ආයෙ තිබ්බ විදිහට හදන්නනම් ඩොලර් 10 000 ක් ඕන වෙනවා"
මට හෝසොක් ගැනනම් එච්චර මතකයක් නෑ.අනේ මංදා මොනා කරන්නද කියලා.තේහියුන්ග්ගෙ ක්‍රෙඩිට් කාඩ් එක තාම මං ගාව.
"10 000 ක්"
බුදාම්මෝ එච්චර ගානක් මට හිගාකාලවත් හම්බකරන්න වෙන්නෑ.නෑ නෑ කිව්වට හිගන්නන්ට තමා හොදටම සල්ලි තියෙන්නේ 🙂"ඔව් ඔයා මං දාපු නීති තුනම කැඩුවා."
"මට ආ-පහු ඒක ගෙව-න්න පුලුවන් "
මම ගොතගගහා සාර්ථක ලෙස අසාර්ථක බොරුවක් කිව්වා.🕸️TAEHYUNG'S POV
මට සල්ලි ගැන පොඩ්ඩක් කේන්ති ගියාට ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවේ .මට ඒක කමක්නෑ කියල හිත හදාගන්න පුලුවන් වුනත් එයා හිතාමතාම මගෙ වචනෙට පිටින් ගියා.
"ජන්කුක්"
"මට සමාවෙන්න "
එයා මම කියන්න කලින් මගෙ සමාව ඉල්ලුවා.එයාගෙ තරු පිරිච්චි ඇස් වල දැන් කදුලු.
YOU ARE READING
Corazón || My Stripper Stepbrother
FanfictionTop tae Bottom kook sinhala • Note : This book is not belong to me.This is translation .All the credits goes to real author .The real book name also "my stepbrother is a stripper "