Thank you so much for 1.1k+ reads.. It means a lot for me.. Thank you so much again.. ❤️❤️❤️
_________________________________
Jungkook's pov
දෙවියනේ.. විශ්වාස කරන්න පුලුවන්ද.., මං ඉන්නේ කිම් ටේහ්‍යුන්ග්ගේ ටීම් එකේ... මට දැනෙන සතුට මං කොහොම නම් කියලා කියන්නද. මට මෙතන උඩ පැනලා නටන්න තරම් සතුටක් දැනුනත්, මං එහෙම නොකර හිටියේ, මොකද මෙතන ඉන්න අය පිස්සෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවාට මං කැමති වුණේ නැති නිසා...
"ජන්කුක්, දැන් සතුටුද ඔයාට? මේක නේද ඔයාට ඕනා වුණේ?"
නම්ජූන් හ්‍යුන්ග් හිමීට මගේ ළගට ළං වෙලා ඇහුවේ මොකක් ගැනද කියන දේ මට පැහැදිලි වුණා. ඒත් එයා ඒ ගැන කොහොමද දන්නේ කියන දේ ගැන නම් මට ඇති වුණේ ප්‍රශ්නයක්. මං හිමීට ඇහිබැමකුත් උස්සන ගමන් හ්‍යුන්ග් දිහා බැලුවේ 'මොකක්ද ඒ කිව්වේ' වගේ බැල්මකින්. එයාට තේරෙන්න ඇති මං ඇයි එහෙම බැලුවේ කියලා. මට ඒ බව පැහැදිලි වුණේ එයා ඊලගට දීපු උත්තරයත් එක්ක.
"ඔයාට බෑ ජන්කුක් මං වගේ ලව් එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඔය වගේ දේවල් හංගන්න."
ලව් එක්ස්පර්ට් කියලා ද කිව්වේ. ඒ නම නම් එයාට ටිකක් ගැලපෙනවා වගේ. ඒත් ඒකේ තේරුම නම් නම්ජූන් හ්‍යුන්ග්ට පොඩ්ඩක්වත් ගැලපුනේ නැහැ.
"අනේ මේ හ්‍යුන්ග්, ජින් හ්‍යුන්ග් ඉස්සරහා කැමැත්ත අහගන්න බැරුව ඇඹරි ඇඹරි හිටපු ඔයා කොහොමද ලව් එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ. අනික මං මොනාද දැන් හැංගුවේ?"
මං කිසි දෙයක් නොදන්න ගානට ඇහුවා.
"මට ඇත්ත කියන්න කුක්. ඔයා අර ලුතිනන්ට කැමතියි නේද?"
"මොන ලුතිනන් ද හ්‍යුන්ග්?"
මං මගේ අහිංසක 'බනී මූණ' දාන ගමන් ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම ඇහුවේ හ්‍යුන්ග්ව ටිකක් අවුස්සන්න හිතාගෙන.
"කිම් ටේහ්‍යුන්ග්. ඔයා කිම් ටේහ්‍යුන්ග්ට කැමතියි නේද?
"නෑ කියන්න හදන්න එපා කුක්. මං දැන් ටික වෙලාවක ඉදන් බලන් හිටියා ඔයා එයා දිහා බලන් හිටිය විදිහ. ඒක සාමාන්‍ය බැල්මක් නෙවේ. දැන්වත් කියන්නකෝ ජන්කුක්"
YOU ARE READING
The Camera || Taekook ( Completed )
Fanfictionමට දෙයක් අහිමි කරපු...ඒත් ඊටත් වඩා වටින දේවල් ගොඩාක් මට ලබා දුන්න මගේ පළවෙනි ආදරේ..."කැමරාව" - Reporter Jeon Jungkook - . . . . . . . A Taekook Fan Fiction Top : Tae Bottom : Kook Start - 2021/12/16 ...