Taehyung's pov
මං නැගිටිද්දි සෑහෙන්න හවස් වෙලා කියලා හිතුන නිසා ම මං ෆෝන් එක අරන් බැලුවෙ ඇත්තට ම දැන් වෙලාව කීයද කියලා. ඒත් තාමත් වෙලාව හවස 2.15 යි කියලා දකිද්දි මට හිතුණෙ මං ඒ තරම් ම වෙලාවක් නිදාගෙනත් නෑ නේද කියලා.
කොහොම වුණත් ටිකකින් මං එකපාරට ම කලබල වුණේ මගෙ අත ඇදේ අනික් පැත්තෙ වදිද්දි එතැන ජන්කුක් ඉන්නවා කියලා මට දැනුණෙ නැති නිසා. මං ඉක්මනින් ම කලින් ජන්කුක් නිදාගෙන හිටපු පැත්ත බැලුවත්, එතැන ජන්කුක් හිටියෙ නැති නිසා ම මං ෆෝන් එකත් සාක්කුවට දාගෙන පහළට ගියෙ ජන්කුක් පහළවත් ඇති කියලා හිතන ගමන්.
මං පඩිපෙළ බැහැගෙන යද්දි ම මට කිචන් එක දිහාවෙන් හොද සුවදක් එන්න ගත්ත නිසා ම මං යන ගමනත් නවත්තලා හිතන්න ගත්තෙ මේ නම් අනිවාර්යයෙන් ජන්කුක් ම තමයි කියලා.
ඒ වෙලාවෙ මූණට ආව හිනාවත් එහෙම්ම ම තියාගෙන මං කලින්ටත් වඩා ඉක්මනින් පඩිපෙළ බැහැගෙන ගිහින් කිචන් එකට දිව්වෙ, මට මේ වෙලාවෙ ඉක්මනින් ම ජන්කුක්ව දකින්න ඕනා කියලා හිතුණ නිසා.
"ඒයි, කිචන් එකේ දුවන්න තහනම්."
එකපාරට ම මං එහෙම්ම ම බ්‍රේක් ගහලා නැවතුණේ ජන්කුක් කියපු දේ නිසා. එයා මං දිහා බලන්නෙ වත් නැතුව මට පිටුපාලා මොකක් හරි වැඩක් කර කර ඉන්න ගමන් ම ඒක කියද්දි මාත් දුවන එක නවත්තලා හෙමින් හෙමින් ජන්කුක් ළගට ළං වෙන්න ගත්තා.
ජන්කුක් ළගට ම ගියාට පස්සෙ මං එයාගෙ උරහිසට උඩින් එබිලා බැලුවෙ එයා මං දිහාවත් බලන්නෙ නැතුව ඔච්චරට ම කරන බරපතල වැඩේ මොකක්ද කියලා බලන්නයි.
"ඔයා කැරට් කපද්දිත් කියුට්.."
ජන්කුක් කපන ගමන් හිටිය කැරට් කෑල්ලකුත් අරගෙන කටේ දාගත්ත මම මගෙ අත් එයාගෙ ඇග වටේ යවලා පිටිපස්සෙන් බදාගත්තෙ ගොඩක් පරිස්සමින්. මොකද බැරි වෙලාවත් මං එයාව කලබල කරලා එයාගෙ අත පිහියට කැපෙයි කියලා මං බය වුණා.
"දැන් ඔයාට කොහොමද? අමාරුවක් නෑ නේද?"
ජන්කුක්ගෙ උරහිස උඩින් ඔලුව තියාගෙන පැත්තට පේන ඒ මූණ දිහා ම බලාගෙන මං එහෙම අහද්දි, ඒ කම්මුල් පිම්බෙන විදිහ මං හොදට ම දැක්කා. එහෙම වුණේ ජන්කුක් තමන්ගෙ හිනාව තද කරගෙන ඉන්න ලොකු උත්සාහයක් දරන ගමන් හිටිය නිසා වෙන්න ඇති.
ESTÁS LEYENDO
The Camera || Taekook ( Completed )
Fanficමට දෙයක් අහිමි කරපු...ඒත් ඊටත් වඩා වටින දේවල් ගොඩාක් මට ලබා දුන්න මගේ පළවෙනි ආදරේ..."කැමරාව" - Reporter Jeon Jungkook - . . . . . . . A Taekook Fan Fiction Top : Tae Bottom : Kook Start - 2021/12/16 ...