ඔන්න මේක නම් ඔයාලට සතයක්වත් නොදී බලන්න යන්න පුලුවන් එකක්. සෝල් වල ඉදලා පැය තුනකින් යන්න පුලුවන් ග්යොන්සන් කියන ගමේ තියෙන්නෙ. මේ පැත්ත ගොඩක් ජනප්‍රිය වෙන්නෙ ග්යොන්සන් ජාතික වනෝද්‍යාන සහ සුන්දර වෙරළ තීරය නිසයි. ඒ වගේම මේ පලාතේ හොඳ දේශීය කෑම වර්ග නිසත් ප්‍රසිද්ධ වෙලා තියනවා.
කොරියානු යුද්ධයේදී ඉන්චියොන් සටනේදී ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවන්ගේ ආත්මයන් නිවසේ හොල්මන් කරනවා කියලා විශ්වාස කරනවා. නිවසේ පදිංචි වෙලා හිටිය අයිතිකරුවන් අභිරහස් ලෙස මිය ගිහින් කියලත් කියනවා. ඒ නිවසට පැමිණි ඩෙයාඩෙවිල්ස් කියලා තියෙන්නෙ එයාලාගෙන් එක්කනෙක් හිසේ කැක්කුමකින් ගියා කියලා. තවත් සමහරු බිම ගවේෂණය කරන විට සීතලක් දැනුනා කියලත් කියලා තියනවා. දිග කලක් තිස්සේ හොල්මන් දඩයම් කරන අය පවා මිනිසුන්ට මෙම ස්ථානයට නොයන ලෙස අනතුරු අඟවලත් තියනවලු.
👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...
YOU ARE READING
👻Horror Places in Different Countries👻
Horror🩸හොල්මන් ඉන්න තැන් බලන්න යමුද? මොකද කියන්නෙ? කතා ලියන්න ඉන්න අයට, කියවන්න ආස අයට එක එක රටවල අත්භූත තැන් කිහිපයක්👻 එන්න එහෙනම් එක එක තැන්වලට හිහින් බලමු... ⚠️මෙම විස්තර සියල්ල අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු බව කරුනාවෙන් සලකන්න.⚠️