Chapter 13

626 112 12
                                    

"දැන් මොකද්ද බන් අපි මේකට කරන්නේ ජන්ග්කුක්ට අවුරුද්දක මතකෙ නෑ කියන්නේ අර කෙල්ලව කොහොමත් මතක තියෙන්න විදිහක් නෑ"

සුගා එහෙම කියද්දී හැමෝම බැලුවේ ජන්ග්කුක් දිහා.අද ජන්ග්කුක් රූම් එකේ ඉදපු විදිහයි ඉයුන්හා ඒ රූම් එකේ ඉදපු එකයි ගැන හැමෝටම තිබ්බේ කුතුහලයක්.

ඇතුලේ මොකද්ද උනේ කියන්න කවුරුත් දැනන් ඉදියේ නෑ.අනික ජන්ග්කුක් කියන්නේ තමන්ගේ සෙක්ෂුවල් ෆීලින්ග්ස් හිර කරලා බැදන් ඉන්න පුලුවන් කෙනෙක් නෙමේ.

කොයි වෙලාවෙද ඒක දැනෙන්නේ ඔහුට ඕනේ ඒක කොහොම හරි කවුරු හරි කෙල්ලෙක්ගෙන් පිට කරන්න.

කොයි වෙලාවෙත් මත් වෙලා ඉන්න ඔහුට ඒ මොහොතේ මොකද්ද කරන්නේ කියන එක ගැන කොහෙත්ම දැනීමක් නෑ.

අනික කවුරුත් දන්නෙත් නෑ ජන්ග්කුක් ඒ වෙලාවේ ඩ්‍රග්ස් අරන්ද ඉදියෙ කියන එකවත්.

ඇතුලේ මොකද්ද උනේ කියලා දැන ගන්න ජන්ග්කුක් නැගිටිනකන් ඉන්න ඕනා උනත් ඔහු නැගිට්ටත් දැන් එයින් පලක් නෑ.මොකද අද ඉදන් අවුරුද්දක මතකයන් ජන්ග්කුක්ට අමතකයි.

ඔහුට අමතක නොවී තියෙන්නේ හියුන්ග්ලාවයි තාත්තවයි තව සමීපතම කිහිප දෙනෙක් විතරමයි.

දොර ලග ඉදන් මෙයාලගේ කතා බහ අහන් ඉදපු ඉයුන්හාට මුලු ඇගම පන නැතිවෙලා ගිහින් එතනම බිම ඉන්දුනා.

ඒ වචන ටිකත් එක්ක කෙල්ලට දැනුනේ කවුරු හරි ඉදිකටු තුඩකින් පපුව සූරනවා වගේ හැගීමක්.

මුවින් ඉකියක්වත් පිට නොවුනත් කෙල්ලගේ ඇස් වලින් කදුලු පොකුරු පිටින් ඇද හැලුනේ කෙල්ල ඇසිපිය නොහෙලා ඉදිරියම බලා ඉද්දීය

කොහොම විශ්වාස කරන්නද තම ඒක පාර්ශ්වික ආදරේ ඇස් මානෙටම ඇවිත් ඒ පිරිමි පපුවේ උණුසුමත් විදලා අඩුම තරමේ ඒ පිරිමි සුවද තම වතින් යන්නටත් පෙර ඔහුට ඇයව අමතකවී ගොස බව දැන ගන්නට ලැබුනම මොන කෙල්ලටද ඉවසන්න පුලුවන්

ඔව් ඔහු ලැබෙන්නේ නෑ.ඒක ඒකාන්තයි.නමුත් එක රැයක් එක පැයක් එක විනාඩියක් ඒ පපු ගැඹුරේ ඇය සුලු මොහොතක් අරක් ගත්තා.

අමතක කරන්න බෑ.උත්සාහ කරත් ඒක කරන්න බෑ.ඔහුට ඇය අමතක නම් කොහොමද තවත් ඔහු ලග රැදෙන්නේ.මොනව කියලා ඔහුට තමන්ව මතක් කරන්නද.

ගෑනු හිත් නතර වෙන්නේම අයිති කර ගන්න තියා හිතින්වත් ලන් වෙන්න බැරි හිත් ලග.

ඉතින් මොනා කරන්නද පලමු පාරට දැනිච්ච ඒ ප්‍රථම ආදරේ කොහොම නම් අමතක කරන්නද.

කොහොමද ඒ වස කොල්ලව අමතක කරන්නේ.ඒ රාගික ඇස්...කොහොමද ඒවා අමතක කරන්නේ.

නොලැබෙන දෙයකට අයිතියක් කියා ගන්න බැරි දෙයකට ආදරේ කරනවා කියන්නේ ඇත්තටම ඒ ආදරේ හදවත් පතුලෙම නිධන්ගත වෙලා තියෙනවා හැමදාම..කවදාවත්ම මැකෙන්නේ නැති විදිහට.

ඒ දුක දන්නේ ඒ විදින වේදනාව ගැන දන්නේ හිමි නොවිත් මැරෙන්න තරම්ම ආදරේ කරන හදවත් විතරමයි

පෙරදා රාත්‍රියේ මතක අතර හිර වෙලා ඉදපු ඉයුන්හා පියවි සිහියට ආවේ රූම් එකේ දොර අරුන සද්දෙට

" සො..සොරි ම..මන් යන්නම"

ඉයුන්හා වචන ගැට ගගහ එහෙම කියවත් එක්කම ඉයුන්හාට ඇහුනේ ඒ කෝපවත් රලු හඩ.







" නැවතියන් ඔහොම.."

.................................................................

ගොඩම ගොඩ කාලෙකින්.

සාමාවෙන්න ඇත්තටම ස්කූල් ක්ලාස් වැඩ අතර හිර උනාම මට කතාව දෙන්න විදිහක් ඇත්තෙම් නෑ.

කතාවක් ලියන්න නම් ඔලුව නිදහස් වෙන්න ඕනා.අනික මන් මේ කතාව ලියන්නේ කලින් පොතකවත් කොහෙවත් කලින් ලියලා නෙමේ හිතට එන දේ තමා මේ ලියන්නේ.ඉතින් එහෙම ලියන්නම් මනස නිදහස් වෙලා ෆ්‍රී වෙන්න ඕනා.

අද මේ චැප්ටර් එක දුන්නේ ගොඩක් අය කතාව ඕනා කියලා ඉන්බොක්ස් පවා මැසේජ් කරපු නිසා සහ අද ස්කූල් නොගිය නිසා.

මට ඩෙයිලි හරි දවසක් ඇර දවසක් හරි මේ විදිහට පොඩි චැප්ටර්ස් දෙන්න පුලුවන්.දිග ඒවා දෙන්න ගියොත් ගොඩක් කල් යනෝ.

ඔයාලගේ අදහස comment කරන්නකෝ.

🥀NEVER ENDING PUZZLE //JJK 🔞  🥀 (On Hold)Where stories live. Discover now