ජිමින් උදේම ජන්ග්කුක් හොයාගෙන පන්තියට එනකොට ජන්ග්කුක්ගේ ටේබල් එක ළඟ හිටගෙන හිටිය ගෑනු ළමයෙක් ජිමින් දිහා රවලා බලල ජිමින්ගෙ උරහිසෙත් වැදීගෙනම පන්තියෙන් එළියට දිව්වා. ජන්ග්කුක්ගේ ටේබල් එක ළඟට ගිහින් බලපු ජිමින් දැක්කෙ මේ වෙනකොටත් ලොකර් එකේ ලියුම් කිහිපයක් තියෙන විදිය.
ඒත් එක්කම පන්තියට ආව ජන්ග්කුක් නිසා ජිමින් කලබලෙන් වගේ ජන්ග්කුක්ගේ ටේබල් එක ළඟින් පැත්තකට වෙලා සීරුවෙන් හිටගත්තා.
"ඔහ්හ් මිනී ගුඩ් මෝනින්.... ඔයා මෙතන... මම චුට්ටක් පරක්කු උනා අද..." ජන්ග්කුක් කිව්වෙ ජිමින් එක්ක හිනාවෙලා එයාගෙ බැක්පැක් එක පුටුවෙන් තියන ගමන්.
ඒත් එක්කම ලොකර් එකට එබුණ ජන්ග්කුක් දැක්කෙ ඇතුලේ සුපුරුදු පරිදිම ලියුම් කවර කීපයක් තියෙන විදිය. එතන ජන්ග්කුක් දිනයක් හැර දිනයක් බලාපොරොත්තු වෙන ලියුම් කවරයත් තිබුණා. ලොකු හිනාවකින් මූන පුරවගත්ත ජන්ග්කුක් සක්කුවෙන් ලොකර් එකේ යතුර අරන් ලොක් එක ඇරල ලියුම් ටික අතට ගත්තා.
"ජන්කුක් පොඩ්ඩක් එන්න...." ලියුම් තුනත් අතේ තියෙද්දිම ජිමින් ජන්ග්කුක්ව ඇදගෙන පන්ති කාමරයෙන් එළියට ආවේ අනෙක් පිරිමි ළමයි විවිධ ශබ්ධ නිකුත් කරනකොට...
පාසල පටන් ගන්න තව පැය භාගයක්ම තිබුණ නිසා ජිමින් කෙලින්ම ගිහින් නැවතුනෙ එයාලගෙ සුපුරුදු බෙන්ච් එක ළඟ.
"කුකී... ම..මම ඔයාව හොයාගෙන ආවෙ නෝටිස් බෝඩ් එක දැක්ක ගමන්. ෆයිනල්ස් වල ටයිම් ටේබල් දාලා තව මාසෙකින් එක්සෑම්. ප්ලීස් ජන්ග්කුකී පාඩම් කරන්න ළමයෝ.... ම..මට බයයි ඔයා ෆේල් වෙයි කියලා...." ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගේ උරහිසෙන් අල්ලල හයියෙන් තද කරලා අල්ලගන්න ගමන්.
"ජිමිනී... රිලැක්ස්... ඉස්සෙල්ලම ඉඳගන්නකෝ... ඔයා මගෙ ගැන බයවෙන්න එපා. ඔයා දැන් කොහොමත් පාඩම් කරනවා නේද... මන් එක්සෑම් ෆේල් උනත් පාස් උනත් මට විස්ස ලබපු ගමන් අප්පගෙ බිස්නස් වලට ජොයින් වෙනවා. සෝ ඩෝන්ට් වොරි අබවුට් දිස් බ්‍රාට්..." ජන්ග්කුක් ජිමින්ව බෙන්ච් එකෙන් ඉන්දලා ඔලුවට අත තියන ගමන් කිව්වා.
YOU ARE READING
𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ]
RomanceIn your sillage, melancholy of my soul finds solace. The way it has embraced my soul, I inhale every ounce of it. And it seems to be an elixir, that vanishes all my pain. ...