මිසිස් පාර්ක්ගේ රසවත් රාත්‍රී ආහාර වේලෙන් පස්සේ නැවතත් ජන්ග්කුක් මිනී දෙදෙනාම පුස්තකාලයේ පිහිටි අධ්‍යයන කාමරය ඇතුලේ බරටම වැඩ කරමින් සිටියා. ජන්ග්කුක් ඉස්සරහා තිබුණේ පොත් කඳු දෙකක්.
එක කන්දක් සාහිත්‍යය
අනිත් කන්ද පාසලේ විෂයන්ට අදාල පොත්ජන්ග්කුක් ඒ කඳු දෙක අස්සේ ගිලිලා ඉන්න හැටි ජිමින් සතුටෙන් බලන් හිටියා. ජන්ග්කුක් අමාරුවෙන් වුණත් හෙමි හෙමින් අධ්‍යයන කටයුතු වලට හැඩගැහෙමින් තිබුණා. තමන්ගේ හෝම්වර්ක්ස් ඉවර කරපු ජිමින් ටිකකට එයාගේ කාමරයට යනවා කියලා ජන්ග්කුක්ව ස්ටඩි රූම් එකේ තනි කරලා එළියට ගියා. හොඳ හුස්මක් අරන් අත් දෙක දෙපැත්තට කරල හිරි ඇරපු ජන්ග්කුක් ස්ටඩි රූම් එකෙන් එළියට ආවා. එයා ඇවිදගෙන ගියේ පුස්තකාලයේ විද්‍යාව සම්බන්ධ පොත් තිබුණ පැත්තට. එයාට ඕන වුණා එතන තියෙන්නෙ මොන වගේ දේවල්ද කියල දැනගන්න. ආපු පලවෙනි දවසේ ඉඳලම තිබ්බේ කුතුහලයක් කිව්වොත් හරි.
ජන්ග්කුක් බලාපොරොත්තු වුණේ එයා එයාගෙ පාසලේදි දකිනවා වගේ සාමාන්‍ය පොත් මෙතනින් දකින්න. ඒත් පොත් රාක්කෙන් රාක්කෙට බලාගෙන යනකොට ජන්ග්කුක්ට තේරුම් ගියා මෙතන තියෙන පොත් ඊට වඩා ගොඩාක් බරපතලයි වගේම සංකීර්ණයි කියලා. එහෙම වෙන්න ඕනෙනෙ. මිස්‍ටර් පාර්ක් ජිසොන්ග් එහෙම නැත්තන් ජිමින්ගේ අප්පා කියන්නේ මුළු කොරියාවෙම ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. එක විෂය ධාරාවක් නෙවෙයි, විෂයන් කිහිපයක් ඇතුලෙම මිස්‍ටර් පාර්ක් එයාගෙ දක්ෂතාවයන් පෙන්වල තිබුණා. ඒ විෂයන් ඇතුලේ Botany(උද්භිත විද්‍යාව), Earth science(පෘථිවි විද්‍යාව), Geology(භූ විද්‍යාව) වගේම Meteorology(කාලගුණ විද්‍යාව) වගේ හරිම බරපතල සාමාන්‍යයෙන් කෙනෙක් අධ්‍යයනය නොකර විෂයන් අන්තර්ගත වුණා.
ජන්ග්කුක්ට නිරායාසයෙන්ම මතක් වුණේ පවුල ගැන කතා කරන හැම මොහොතකම කඳුළු පුරවන් දිලිසෙන ඇස් වලින් එයාගේ අප්ප ගැන ආඩම්බරෙන් කතා කරන ජිමින්ව. එයාගෙ අප්පා නැති වුනේ ජිමින් හයිස්කූල් එකට එන්න මාසයකට කලින් කියලා ජිමින් අඬ අඬ කිව්ව විදිය ජන්ග්කුක්ට මතක් වුණා. ඔව්, දැන් අවුරුදු 3ක්.
YOU ARE READING
𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ]
RomanceIn your sillage, melancholy of my soul finds solace. The way it has embraced my soul, I inhale every ounce of it. And it seems to be an elixir, that vanishes all my pain. ...