"ඒයි ජන්ග්කුකා..... ආන්න අදත් ලොකර් එකේ ලෙටර්ස් පහක් තියෙනවා.... ගිහින් බලපන්....." කැෆටේරියා එකෙන් එලියෙ බිත්තියකට කකුල තියන් යාලුවොත් එක්ක හේත්තුවක් දාන් හිටිය ජන්ග්කුක්ට ඈත තියාම ජැකී කෑ ගැහුවේ ඒ අහල පහල හිටිය ගෑනු ළමයි හූල්ලනකොට. ජැකී එහෙම කියන ගමන්ම ජන්ග්කුක් ළඟට ඇවිදගෙන ආවා.
"පොල් බූරුවෝ මන් තමුසෙට හැමදාම කියනවා කියන එකක් අපිට විතරක් ඇහෙන්න කියන්න කියලා. උඹ මට කවදාවත් මං කැමති එකීව සෙට් කරගන්න නම් දෙන්නෑ..." ජන්ග්කුක් නොරුස්සන ස්වරයකින් ජැකීට රවන ගමන් බැලුවේ ජන්ග්කුක් දිහා බලමින් ඉවතට ඇවිදන් යන එලී දිහා.
"ආයිශ්... යමන්..." ජැකීගෙ කනෙන් අල්ලගත්ත ජන්ග්කුක් ක්ලාස් රූම් එකට ඇවිදන් ගියේ ඒ කන අත නොහැරමයි.
තමන්‍ට අයිති පසුපසම පෝලිමේ ටේබල් එකෙන් ඉඳගත්ත ජන්ග්කුක් ලොකර් එක ඇරියා. පාට පාට ලියුම් කවර වල දාපු එක එක ඩිසයින්ස් වලින් හැඩවුණු ලියුම් කවර 5ක් එතන තිබුනා. වෙනදා වගේම ජන්ග්කුක්ගේ ඇහැ ඉස්සෙල්ලම ගියේ එයාගෙ ආසම පාට වුණු කහ පාටින් හැඩවුණු ලියුම් කවරයට. ඉරෙන්න නොදී කවරය පරිස්සමෙන් විවර කරපු ජන්ග්කුක් ඒකෙ තිබ්බ පුංචි නෝට් එක අතට ගත්තා. ඔව් ඒක ලියුමක්ම නෙවෙයි. හැමදාම ඒකෙ තිබ්බෙ පුංචි නෝට් එකක්. හැමදාම ඒකෙ තිබ්බෙ ජන්ග්කුක්ව පුදුම කරවන වචන. ඇත්තටම කිව්වොත් ජන්ග්කුක්ට ආදරේ හිතෙන වචන. අද ඒකෙ ලියවිලා තිබ්බේ ජන්ග්කුක්ගේ ඇස් ගැන අහිංසක වර්ණනාවක්.
ජන්ග්කුක් ඒක කියවන අතරේ ජැකී ඩෙරික් වගේම සෑම් ජන්ග්කුක්ගේ මූණ දිහා බයවෙලා වගේ බැලුවේ ජන්ග්කුක්ගේ කන්, නහය, කම්මුල් පිලිවෙලින් රතුවීගෙන එන විදිය දැකලා.
"ඕයි ජන්ග්කුක් තමුසෙට ලෙඩක්ද මිනිහෝ.... මොකද මේ රතුවෙලා මොකක් හරි ඇල'ජි එකක්ද...." බලාගෙන ඉන්න බැරි තැන ඩෙරික් ඇහුවෙ ජන්ග්කුක්ගේ උරහිස් දෙකෙන් හොලවලා.
"මුකුත් නෑ ඕයි පොඩ්ඩක් වද නොදී ඉඳපන්කො" තුන්වෙනි වතාවටත් නෝට් එක කියවමින් හිටපු ජන්ග්කුක් ඩෙරික්ව තල්ලු කරල දැම්මෙ ඩෙරික්ව ඉස්සර තිබ්බ පුටුවට විසිවෙලා ඉන්දවෙන්න.
නෝට් එක ලියලා තිබ්බ කොලේ තමන්ගේ නහය ළඟට ගත්ත ජන්ග්කුක් හැමදාම වගේ ඒ සුවඳ ඇති තරම් ආග්‍රහණය කලා. එයා ඒ සුවඳට දැන් වශී වෙලා, බැඳිලා, සුපුරුදු සුවඳක් වෙලා. තවත් හොඳ හුස්මක් ගන්නවත් එක්කම තමන්ගෙ ළඟම මෝඩ යාළුවා සෑම් ඒ ලියුම ඇදලා ගත්තා.
"අඩෝ මේ බලහන්කො මේක.... ඕහ් මයි ගෝඕඕඩ්.... මාව පාවෙනව වගේ... ආදරණීය ජන්ග්කුක් ලු.... හම්මෝ...." සෑම් එහෙම කියනකොට අනිත් දෙන්නත් මෝඩයො දෙන්නෙක් වගේ හිනාවුණා.
"ආදරණීය ජන්ග්කුක්,
5වෙනි හේතුව ~
බලන් ඉන්නකොට ගිලෙන තරමට ගැඹුරු ඔය ඇස් මට හුස්ම ගන්න අමතක කරවනවා. හිනාවෙනකොට තරුකැට වගේ දිලිසෙන ඔය ඇස් මාව හීන ලෝකෙක අතරමන් කරවනවා. තරහා ගියාම තියුණු වෙන නපුරු වීදුරු ඇස් ඔයා ගැන මට මතක ගොඩ ගහනවා. දුක හිතුනම බෝල වෙන ඔය ලොකු ඇස් මට මාවත් අමතක කරවනවා ජන්ග්කුක්. මන් දන්නවා මේක මට අමාරු වෙයි. ඒත් මම ඔයා එක්ක බැඳිලා අමතක කරන්න බැරි තරමටම. මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්. මහ ගොඩක් ආදරෙයි !"හරිම ඩ්‍රැමටික් විදියට ලියුම කියවල ඉවර කරපු සෑම් ලොකු හුස්මක් අරන් කඳුළු බිංදු දෙකක් පිහදානවා වගේ ඇක්ට් කරලා මහ හයියෙන් හිනාවුණා. ආපහු අර මෝඩ ඩබලත් ඒ හිනාවට එකතුවෙනකොට සෑම්ගෙ ඔලුවට ටොක්කක් ඇනපු ජන්ග්කුක් ලියුම උදුරල අරන් ආපහු කවරයට දාල සාක්කුවට ඔබාගෙන අනික් තිබ්බ ලියුම් ඔක්කොම කියවන්නෙත් නැතුව ඉරලා කොනක තිබ්බ ඩස්බින් එකට දැම්මා.
ඒත් එක්කම සාහිත්‍ය ගුරුතුමිය පන්තියට ආව නිසා ජන්ග්කුක් හරිබරි ගැහිලා ඉඳගත්තේ ළඟකදි ඉඳලා එයා සාහිත්‍ය පාඩමට ගොඩක් උනන්දුවක් දක්වන්න අරන් තිබ්බ නිසා.
මතු සම්බන්ධයි!
A/N
ලයිබ්‍රි දාගන්න. අද ඉඳල අප්ඩේට් දෙනවා.
YOU ARE READING
𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ]
RomansIn your sillage, melancholy of my soul finds solace. The way it has embraced my soul, I inhale every ounce of it. And it seems to be an elixir, that vanishes all my pain. ...