No - 07

1K 199 27
                                    

"තැන්ක් යූ"

මම ජනේලේ කොනටම යද්දී මට සෙන්ටිමීටරර් දෙකක පරතරයකින් ඉදගත්ත එයා මට කිව්වා.

"ඇයි ස්තූතියක්? "

" එදා මගේ යාළුවාව එක්කගෙන ආවාට"

මම හිතුවා හරි. කවදාවත් නැතුව මෙයා මාත් එක්ක කතා කළේ ඒකයි

"ඒක ලොකු දෙයක් නෙවෙයි. මම යන ගමන් එයාව එක්කගෙන ආවා" මම එහෙම කියලා තව ටිකක් ජනේලෙ පැත්තට බර උනා.

එයා තනි රූල් පොතකුයි ගණන් පොතකුයි තමයි මට දුන්නේ. මම එයාට නොදැනෙන්න ඒක ටිකක් ඇරලා බැලුවා. මොනවාද යකෝ මේ ගණන්? කෝ මේකේ ඉලක්කම්??

A ,B , C ,X,Y විතරයි නේ තියෙන්නේ? එතකොට ඒලෙවල් මැත්ස් මෙච්චර අමාරුද? මේවා තේරෙනවා ද අප්පා? මට නම් මේවා එපා. මම හිතුනොත් ආර්ට් කරනවා :(

මනෝ පාර ගහගෙන හිටිය මම කොන්දොස්තර එනකොට තමයි දැක්කේ එයා මගේ දිහාම බලන් ඉන්නවා.

"ඔහොම හොරෙන් බලන්නේ මොකද? ඇයි අමාරුයි කියලා හිතුවාද?ඕවා ලේසියි හරියට ඉගෙන ගත්තොත්. නැතුව උඩින් පල්ලෙන් බලනකොට හිතෙන්නේ ආර්ට් කරන්න තමා"

මගේ හිත කියෙව්වා වගේ කටකොනින් හිනාවෙලා කියද්දී මට තේරුණේ බස් එකෙන් පැනලා මැරෙන්න. හනේ මට මේ කුප්ප හිනාව නැති කරන්න බැරි හැටියක්..

"රවන්නේ මොකද? මම සාස්තර කිව්වේ නෑනේ 😏"

"නෑ.. නෑ.. එහෙම නෑ  මේ අක්කා කො.. කොහෙද ඉන්නේ?"

මට ඇත්තටම ඕන උනේ එයා එක්ක කතා කරන්න. මේක ආදර කතාවක් නොවුනත් මට ඕන උනා එයා ගැන ලස්සන අවලස්සන මතක ටිකක් එකතු කරගන්න. අන්තිමට ඒ හැම මතකයක්ම ලස්සන A4 කොලයක චිත්‍රයට නගන්න.

රතු පාට ලංගම බස් එක

කැන්ටිමේ ලී බංකුව

හෝල්ට් එකේ ලයිට් කණුව

ඒ හැර එයා ගැන මතක තියාගන්න වෙන යමක් මං ළග නෑ...

"දන්නවනේ ඉන්න තැන! ඇයි අහන්නේ?"

'නපුරුකම. ඉන්න තැන කිව්වා නම් කට ගෙවෙයි නේ බූරුවා..දුෂ්ටි හිතේ ඇති හෙන පොෂ් කියලා. දෙන්න හිතෙනවා වහලේ කඩාගෙන උඩට යන්න හුහ්'

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now