from Stella - letter 1

900 106 8
                                    


__________________

මම අන්තිම වතාවට මිනොලි එක්ක කතා කලෙ එදා. පහුවෙනිදා නැගිටිද්දි මිනොලි කුරුණෑගල ගිහින් කියලා ඇන්ටි කිව්වට මම හිතුවෙ ඒ්ක බොරුවක් වෙන්න ඇතියි කියලා.ඒත් ස්කූල් ගිහින් සති දෙකක් මාසයක් යනකම් මට මිනොලිව හම්බුනෙ නෑ.

ඕලෙවල්ස් වලට නිවාඩු දෙන්න දවස් දෙකකට කලින් මම සයුරි එක්ක මේන් හෝල් පැත්තට ගියා. මේ දවස්වල සෙමිනා' තියන නිසා ගොඩක් ළමයි ඩියුටි යන්නයි සමහරු ඇබ්සන්ට් වෙන්නයි පටන් අරන් බට් මම හැමදාම ස්කූල් ආවා. එදා අපි යනකොට අහේෂා හිටියා එයා එක්ක. ෆස්ට් ටයිම් එදා සිද්ධියෙන් පස්සෙ මම එයාව දැක්කෙ. වෙනස් වගේ දැනුනේ.මම දන්නේ නෑ මට මිනොලි දැක්කම කතා කරන්න ඕන උනා. ඉතින් මම සයුරි එක්ක එතනට ගියත් මාව දැක්ක මිනොලි මගහැරලා යන්න ගියෙ බොරුවට වොශ් රූම් යන්න ඕන කියලා. ශී ඊස් සෝ ඔඩ්.. මම ඒක කෙයා නොකර ඉන්න ඕන උනත් ඇත්තටම මට එහෙම ඉන්න බැරි උනා.

ඕලෙවල් වලින් පස්සේ ස්කූල් පටන් ගත්තා. මම ඉදහිට ස්කූල් එන්නයි ක්ලාසස් වලට යන්නයි ගත්ත නිසා ලොකුවට දැනුනෙ නැතත් හැමවෙලේම බස් හෝල්ට් එකේදී මම මිනොලිව හෙව්වා.

මිනොලි මං ගැන කියලා ඇතිනෙ ඉතින් මම මිනොලි ගැනත් කියන්නම්. මිනොලි සාමාන්‍යයෙන් ලස්සනයි. ඒත් කෙනෙක්ට දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සන නෑ. මම උනත් එයාගෙ ලස්සන දැක්කෙ එදා ලැබ් එකේදී. බට් එයාගෙ කට? ජීසස් ඒක නම් කටක් නෙවෙයි ටිං එකක් ( දැන් මාව මරාගෙන කෑවත් කමක් නෑ මම ලියනවා ෆයිටින් 🙂)
එයාව මම අදුර ගත්තෙ මගේ ක්ලාස් මේට් සයුරිගෙ නංගි එක්ක හැමදාම අපේ ක්ලාස් රූම් එකට එනකොට. ඇවිත් සයුරිගෙ බෑග් එකෙන් කීයක්හරි අරන් යනව. මුල් දවස්වල ඉදන්ම මට එයාලා එන එක වදයක් උනත් පස්සෙ මම ඒකට හුරු උනා.
මිනොලි ගොඩක් වෙලාවට මම දිහා බලාගෙන ඉන්නවා කියලා මට තේරුණා. සමහර වෙලාවට කෙලින් ඇස් දිහා බලාගෙන හිටියා ඊටපස්සේ හිනාවෙනවා නැත්නම් කුටු කුටු ගානවා . සයුරිගෙ නංගියි මිනොලියි මුළු ස්කූල් එකේම ෆේමස්. මැඩම්ස්ලාට කීකරු , දග චරිත දෙකක්. ඒ කොහොම වුණත් ටානිව එක්කගෙන ආව දවසින් පස්සේ මට එයා ගැන උනන්දුවක් ඇති වෙන්න ගත්ත. හැබැයි ඒ මොනවා නිසාද කියලා මට තේරුණෙ නෑ 🙃

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now