No - 16

977 147 30
                                    

" බබා... දෝණියෝ.. නැගිටිනවා!!"

ඒ කටහඩ හරියට අම්මාගේ වගේ. ඒත් අම්මා කොහොමද බස් හෝල්ට් එකේ ඉන්නේ..

මම ඇත්තටම හිටියේ බස් හෝල්ට් එකේ. ස්ටෙලා අක්කා ඩෙනිමකට ටී එකක් දාගෙන මට ටිකක් දුරින් හිටගෙන හිටියා. එයාව කැෂුවල් දැකපු පළවෙනි වතාව අද නෙමෙයි ඒත් මට යුනිෆෝම් එකට වඩා එයාව මෙතනදී ලස්සනට පෙනුනා.

" දෝණී.. කිව්වාම නැගිටිනවා ළමයෝ!!!"

මැදින් පනින ඇඩ් එකක් වගේ අපේ අම්මාගේ කිංකිණි නාදය ඇහෙද්දි මම පුළුවන් තරම් ස්ටෙලා අක්කා ළගට ගිහින් හිට ගත්තා..

ඒත් පොඩ්ඩක් ඉන්න මම ඉන්නේ හීනෙකද?

" යා.. අම්මා!!"

මම එකපාරටම නැගිට්ටෙ අම්මා මගේ බෙඩ්ශීට් එක ඇදපු පාර ඒක ඔතාගෙන හිටිය මම බිමට වැටෙද්දී..

කියලා වැඩක් නෑ කොන්දක් අලුතෙන් සෙට් කරගන්න වෙනවා!

" දෝණි!! නැගිටිනවා.. අරහේ රට ගිනි අරන් ඉන්නවා මූ මෙතන නිදි..මූණ හෝදන් පහළට එනවා" අම්මා කිසිම දෙයක් නොදන්න නිර්දෝෂී මාව කරකලා අතෑරලා කාමරෙන් යද්දී මම දුක් උනේ රට ගිනි ගන්න එක කෙසේ වෙතත් මගේ හීනෙ කැඩිලා ගිය එකට.

මම දෙයක් කියන්න ද? කවදාවත් හිනයක් ඇතුලේ මේක හීනයක්ද කියලා හිතන්න එපා. පිස්සු හැදෙනවා!

" මොකද අම්මා මේ අයියා කොහෙ යන්නද?"

දත් මැදලා මූණ හෝදගෙන මම පහළට ආවේ අයියා කොහේහරි යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැකලා.

~බැරි වෙලාවත් මුට කෙල්ලෙක් බලන්න යනවාද? මෙච්චර ලස්සනට ලෑස්ති වෙලා ඉන්නේ?~

මම අයියා ළගට ගිහින් ගාලා තියෙන සෙන්ට් එකත් සුවද ඉඹලා ආයෙමත් මූණ අතුල ගත්තා.

"අයියා.. උඹ ඔය ගාලා තියෙන්නේ අප්පච්චිගේ සෙන්ට් එකනේ?"

" කෑ ගහන්න එපා යෝධියේ.. මගේ එක ඉවරයි! චුට්ටයි ගෑවේ ඉතින් "

" හොද චුට්ට..ගාලා නෙවෙයි නාලා 😒"  මම  අයියාට ඇද කරලා කුස්සියට ගියේ තේක බොන්න.

" අම්මා තේ.."

" රත් කරලා බොන්න දෝණී.. බීලා ඉක්මනට ලෑස්ති වෙන්න අපිට යන්න වෙලා යනවා "

උන්මාද ප්‍රේම ගීය | GL  ✓Where stories live. Discover now