Alive..

181 27 30
                                    

"ජිමින් ලියාව එක්කන් යන්න.."

මේසෙට ඔලුව තියාගෙන හිටිය මම නැගිට්ටේ හේසුගේ කටහඩට..

"තනියම වැඩ ටික බලන්න පුලුවන්ද?"

ජිමින් අපි දෙන්නා ගාවට එන ගමන් අහනකොට හේසු ඔලුව වැනුවේ පුලුවන් කියන්න.

"මම ඉන්නම් අනේ.. ඇයි යවන්නේ මාව?"

"ගිහින් නිදහසේ ඉන්න. ඔය ප්‍රශ්න අමතක කරලා ඇවිත් අපි එක්ක වැඩ කරන්න"

මම තවත් මොකුත් නොකියා කැෆේ එකෙන් එලියට ගියේ හේසුගෙයි ජිමින්ගෙයි වචනෙට පිටින් මට ජීවිතයක් නැති නිසා.

අද එයාලා කියන දේ මම අහනවා වගේ එදත් මම එක පාරක් එයාලා කියපු දේ ඇහුවනම්...

"කෝ ඔයා ඉන්න මම අරින්නම්"

මගේ අතේ තිබුන යතුරත් උදුරගෙන ජිමින්ම දොර ඇරලා මාව ඇතුලට එක්කන් ගියා.

"ජිමින් මම ලෙඩෙක් නෙවෙයි. මට මෙහෙම සලකන්න එපා"

"මම දැන් ඔයා ලෙඩෙක් කිව්වද.. ඔයා කාමරේට යන්න. මම කන්න මොනා හරි හදන් එන්නම්"

"මම පස්සේ මොනා හරි හදාගන්නම්.. ජිමින් හේසුට තනියෙන් එතන වැඩ කරන්න අමාරුයි. ඔයා යන්න.. මට ප්‍රශ්නයක් නෑ"

මගේ අතේ පැටලිලා තිබුන ජිමින්ගේ අත මගෙන් ඈත් කරලා කියද්දි එයා නම් යන්න කැමැත්තක් නෑ වගේ...

"ඔයාට විශ්වාසද?"

දෙපාරක් නොහිතා ඒ ප්‍රශ්නෙට මම ඔලුව වැනුවම ජිමින් මගේ ඔලුවත් අත ගාලා දොර වහගෙන ගෙදරින් එලියට ගියාම මම කාමරේට ගිහින් ඇදට වැටුනේ ඇගේ වේදනාවට නෙවෙයි හිතේ වේදනාවට.

මම කිම් ලියා. සමාජයේ උසස් කියන පවුලක එකම ගෑනු ලමයා විදිහට තමා හැමෝම මාව අදුරන්නේ. කීප දෙනෙක් ඇරෙන්න. ඒ මාව මං විදිහට දන්නේ හේසු, ජිමින් දෙන්නා විතරයි. පුංචි කාලේ ඉදන් මගේ හොදම යාලුවෝ දෙන්නා.

අපිට අවුරුදු හතේදි අපි හැමෝම හම්බුනේ. මගෙයි හේසුගෙයි මැදින් වාඩි වෙන්න අහපු පුංචි කොල්ලට කාලෙත් එක්ක අපි දෙන්නම  බැදෙන්න පටන් ගත්තා.

එක දවසක්... හයි ස්කූල් එකේදි හේසු එයාගේ අවුරුදු ගානක ඒක පාර්ශවික ආදරේ ගැන මට කිව්වා. එයාගේ ආදරේ වෙන කවුරුත් නෙවෙයි මම ආදරේ කරන කෙනා... මායි හේසුයි දෙන්නගෙම ආදරේ වෙලා ඉන්නේ ජිමින්..

ALIVE || PJMDonde viven las historias. Descúbrelo ahora