ඒත් එයා කිව්වෙ යුන්ගි කියලා නේද? යුන්ගි කියන්නේ මම අර ඊයෙ ගෙනාපු පූසට දාපු නමනේ... ඕහ් හොබියො තමුසෙට දැන් පිස්සු හැදීගෙන එන්නේ.. මට දැන් මන් වැඩ කරන hospital එකෙන්ම ඇඳක් වෙන් කරගන්න කාලෙ හරි වගේ.. ආහ් මගේ ඔලුව, ඕහ් අරයට බඩගිනි කිව්වා නේ.. මොනවා හරි හදල කන්න දීලා අහගන්න ඕනි සම්පූර්ණ විස්තරේම..
එයා හැටි කරල තිබ්බ කිචන් එක මම සම්පූර්ණයෙන්ම අස්කරල අතුගාලා දැම්මා.. ඊට පස්සේ ගෑස් එක ඔන් කරල වතුර එකක් තිබ්බා.. එළවළු ටික හෝදලා කපලා අර වතුර භාජනයට දාලා මට පුලුවන් විදිහට නූඩ්ල්ස් එකක් හැදුවා..
(නූඩ්ල්ස් එකක් හඳන විඳිහ දන්නේ නැහැ මම..🥲💔)හදපු නූඩ්ල්ස් එක ප්ලේට් එකකට දාගෙන මම ගියේ ආපහු රූම් එකට.. එයා අර කලින් ඉදපු විදියටම ඇඳ උඩ වාඩිවෙලා හිටියා.. මම එයාගේ අතට මම හදන් ගිය කෑම එක දීලා, මුලු රූම් එකම අස් කරන්න ගත්තා...අම්මො මගේ කොට්ට එකක්වත් ඉතුරු වෙලා නෑ.. ඔක්කොමගෙම පුලුන් ගලවලා.. මට නම් පිස්සු වගේ මෙවා දැකලා..
මම රූම් එක සම්පූර්ණයෙන්ම අස් කරලා අර පූස් කොල්ල ගාවට ගියා.. එයා ඒ නූඩ්ල්ස් එක ඔක්කොම කාලා.. ප්ලේට් එකත් අතේ තියාගෙන ඇස් බෝල කරන් මගේ දිහා බලාගෙන ඉන්නවා...
"ඔයා ඔක්කොම කාලා නේ.." මම එහෙම කිව්වම එයා ඔලුව වැනුවා ඔව් කියන්න වගේ..
"ඇතිද මම තව අරන් එන්නද?" මම ආපහු එයාගෙන් ඇහුවම එයා එපා කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා..
අනේ කියුට්.. මට එහෙම හිතුනා, මට නෙවෙයි මෙයාව දකින ඕනි කෙනෙකුට එහෙම හිතනෙවා..
____________________________________
ලියන්න තේරෙන්නේ නෑ මට... 🙂💔
Sunshine with sunflower 🌻🥺❤️
🌼☘️
Written by-@jung_hoseok_lover
YOU ARE READING
𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed)
FanficSinhala fan fiction This is just ff and if you like read it.. Sope... Top - Jhope Bottom - Suga..