🍃 Chapter 12 🍃

152 39 2
                                    

"ඇයි මේ කෙල්ල මෙච්චර කලබල"


"කවදාවත් ඒ විදිහට ජන්කුක් මාත් එක්ක කතා කරලා නෑ.එච්චර වචන ගොඩක් කතා කරපු පලවෙනි වතාවද මන්දා.ඒත් ඇයි එයාට මාත් එක්ක කතා කරන්න ඕනි කිව්වේ.මේ ආඩම්බර කොල්ලා ඇතුලෙ වෙන රාක්ශයෙක්වත් ඉන්නවද?මෙච්චර නිශ්ශබ්ද වෙන්න හේතුව ඒකද?මන් අතින් වැරැද්දක්වත් උනාද?නැත්තන් වෙන මොනාහරිද?කව්ද මේ?ඇත්තටම මෙයා කව්ද?"

ජන්කුක්ගෙ මේ අමුතු ආරාධනාව කෙල්ලගෙ හිතට වෙනස්ම විදිහෙ කුතුහලයක් ගෙනාවා.හද ගැස්ම ටික ටික වැඩි උනා.ඇගේ හිරිගඩු පිපෙන්න ගත්තා.බෙල්ල දිහාවෙන් හීනියට හුලන් පාරක් යනවා වගේ දැනෙනවත් එක්කම කෙල්ලගෙ ඇස් දෙක යන්තමට වැහුනෙ කෙල්ලටවත් නොදැනිමයි.ඇස් දෙක පියවෙනවත් එක්කම කෙල්ල ඇදට වැටුනේ ඉබේටමයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(flash back)

"ජිමින් මන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?"

"කවදම හරි දවසක අපිට වෙන් වෙන්න උනොත් ඔයාට ඒක කරන්න පුළුවන් ද?"

"අන්දේ සූයා මොනවද මේ අහන්නෙ?ඇයි එහෙම වෙන්නේ?"

"අන්දේ ජිමින් මට බයයි..ඔයා ලග මන් වගේම දවසක වෙන කෙනෙක් ඉන්නවා බලන්න මන් බයයි.මට දුකයි"

"අන්දේ සූයා කවදාවත් එහෙම වෙන්නෙ නෑ.ඔයා මේ කවදාවත් වෙන්නෙ නැති දේවල් නිසා බොරුවට දුක් වෙනවට මන් කොහොමත් නෑ."

_jimin pov_

මියානේ සූයා.... එක පාරක් දෙපාරක් දහ පාරක් නෙවෙයි ලක්ශ කෝටි පාරක්.ඔයාට බලාපොරොත්තු දුන්නේ ඔයාව දවසක අසරන කරන්න නෙවෙයි.හීනෙකින්වත් එහෙම කරන්න අදහසක් තිබුනෙ නෑ මැනික.ඔයාට වඩා මම අද විදවනවා.එදා මට ලොකු විදවීමක් නොලැබුනාට අද ඒ හැමදෙයක්ම නිසාම මම විදවනවා.මින්සුට ලන් වෙන හැම සැරේකම මට ඔයාගෙ රූපෙ මැවිලා පේනවා.ඔයාගෙ සුවඳ දැනෙනවා.මින්සුගෙ ඇස් අස්සෙන් ඔයාගෙ ඇස් මැවිලා පේනවා.අද වෙනකොට මන් අප්පා කෙනෙක් වෙන්න යන්නෙ.එතකොට ඔම්මා....එයා මින්සු.හරිනම් ඒ තැන ඔයා ඉන්න ඕනි සූයා..ඔයා....ආආආආහ්හ්හ්හ් මේවා මට තවත් ඉවසන්න බෑ සූයා..තවත් බෑ.ඉන්න තැනකින් ඇවිල්ලා එක පාරක් මගෙ මූන බලලා යන්න.මගේ හිතට පුංචි සැනසීමක් හරි ලැබෙයි සූයා එතකොට.

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now