3 කොටස 🌸

341 119 35
                                    

SAKURA 🌸

---------------------------

1997. මාර්තු.15

අද මං මගේ ජීවිතේ හුගක්ම කලබල වෙලා ඉන්න දවස... රස්සාවත් එක්ක මට ලැබුණ වගකීම් එක්ක බලද්දී මේ වගේ හිත කලබල වෙලා නැතුව ඇති වෙන කිසිම දවසක.... ඔව් අද මං එයාව මුණගැහෙන්න  යනවා... එයාගේ හිතේ මං ගැන තියෙන හැගීම දැන ගන්න යනවා... ඒක කැමැත්තක් හෝ අකමැත්තක් වේවා මං එයාගේ තීරණයට ගරු කරනවා.. මොකද මං සකූට ආදරේ කරන්නේ එයාගේ කැමැත්ත ගැන නොදැනමයි.. මට සකූට ආදරේ කරන්න එයාගේ කැමැත්ත උවමනාමද?... මගේ ආදරේ ඒකපාර්ශ්වික ආදරයක් වුනත් ඒ හැගීම එක්ක ජීවිත් වෙන්න මං කැමතියි... මගේ තීරණය හරි හෝ වැරදී වේවා මගේ හිතේ සකූ ගැන තියෙනේ අවංක පිරිසිදු චේතනාවක්....

සකූ මං එනවා.. අද දවසේ මොනවා සිද්ද වුනත් මං ඒ හැමදේම මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ වෙනුවෙන් ඉවසනවා....

- කැප්ටන් ජොන් -

-----------------------------------------------------------------

උදේම වැඩ ටික ඉවර වෙලා යුනිෆෝර්ම් එකෙන් මාරු වෙලා අලුත් ඇදුමක් ඇදගෙන , ඕඩිකොලොන් ටිකකුයි, පුයර ටිකකුයි උලන් මං කවදාවත් නැති සතුටකින් එළියට යන්න ලෑස්ති වුනා.... සූබින් මං දිහා අමුතු විදිහට බැලුවත් මං හිනාවකින් සංග්‍රහා කලා මිසක් වචනයක්වත් කතා කරන්න ගිහින් කට වරද්ද ගන්න ගියේ නැහෑ...

" සකූ මං එනවා.. ! "

ලෑස්ති වෙලා ඉවර වෙලා අන්තිම පාරටත් ඉරිතැලිලා ගිය කණ්නාඩියෙන් හැඩ බැලුව මං ලොකු හුස්මක් පිට කරලා එළියට ගියේ ලොක්කාව මූණට මුලිච්චි වෙන්න කලින් එළියට පැන ගන්න හිතන්....

" කැප්ටන් ජොන්... !"

සාජන් කෙනෙක් මගේ ගමනට බාධා කරලා ඈත ඉදන්ම දුවගෙන ආවේ ටිකක් කලබලෙන්... වෙන්න යන්නේ හොද දෙයක් නෙවේ කියලා මගේ ඉවට දැනුනා. මොකද මේ වගේ කෙනෙක් මාව හොයනවා කියන්නේ මොනවා හරි ලොකු පණිවිඩයකට කියලා මං දන්න නිසා...

Salute ~

" කැප් හමුදාපති ඔෆිස් එකට වාර්ථා කරන්න... "

" හදිස්සියේම ? "

" එන්න කියන්න විතරයි මට කිව්වේ ... එපමණයි... "

SAKURA 💮 || JJK  [ Completed ]Where stories live. Discover now