My silent star
Calling ..... Calling .....
...........................
Calling ..... Calling .....
...........................
Calling ..... Calling .....
ආයිශ් ... මොන කරදරයක් ද ...
උදේ පාන්දර මොකා ගන්නවද ...Hello ... කවුද අප්පා කතා කරන්නේ උදේ ම ... නිදා ගන්නත් නෑ කරදරේ ....
යිබෝ ....
අප්පට සිරි පපා ... අනිත් පැත්තෙන් ඇහුන කටහඩත් එක්ක මාව කෙලින්ම ඇද උඩ හිට්ට වුණා . මේ ලෝකේ මම බයම කොට්ටාස දෙකකට විතරයි . එකක් තමා හොල්මන් අනික ඒක ට නම් මම හොල්මන් වලටත් වඩා බයයි ඒ තමයි මගේ පපා .
ආ ... good morning පපා
Good morning ... good morning නෙවෙයි මිනිහෝ බලනවා දැන් ඔහාට වෙලාව කීයද කියලා ... දැන් good afternoon ....
Sorry පපා නින්ද ගියා නේ
ඔව් ඉතින් නින්ද යන්නැතුව තිබ්බොත්නේ පුදුමේ රෑ තිස්සේ කලබ් ගානෙ දවල්ට නිදි ... අනේ මන්දා යිබෝ තමුන් කවුරු විදිහට හැදිලද කියලා ...
කවුරුත් විදිහට නෙවෙයි පපා මං හැදිලා ඉන්නේ මගේ විදිහට ...
ඔව් ඔව් ඒකනම් ඉතින් මොකට කියනවද ...ඒක ට බලනවා අයියා දිහා කම්පැනි එකේ වැඩත් ඔක්කොම බලනවා ඒක ට තමුන් අයියට උදව් කරන්න කිව්වට ඒකවත් කරනවද නෑ ඔහේ කකා බිබී සල්ලි නාස්ති කර කර ඉන්නවා ... අනික ...........
අප්පෝ හරි හරි පපා ඕක හැමදාම ඔයා පේලේ කරන තැටියනේ ...
හැමදාම කිව්වත් වැඩක් තියෙනවා ද බීරි අලියෙක් ට වීනා වයනවා හොදයි තමුන් ට ඕවා කියනවට වැඩිය
හරි ඉතින් දැන් කියන්නකෝ මගේ හොඳ පපා වගේ ඇයි කතා කලේ
කතා කලේ තමුන් හෙට උදේ තියෙන ෆලයිට් එකේ china එන්න ඕනේ ලෙලේ එක්ක එච්චරයි ... මම ටිකට් බුක් කරලා තියෙන්නේ ...
ඒත් පපා හදිස්සියේ ... ම ...
ඒක තමුන් ට වැඩක් නෑ මම කිව්ව දේ කරනවා .
අනේ පපා ... පපා ... හලෝ ... හලෝ ... තිබ්බා නේද දැන් ඉතින් පලයන් කෝ ... ඒ ගමන මොන මරාලයකට ද දන්නෑ ... මම පපාටත් හිතින් බැන බැනම ගියේ wash room එකට ... පැයක් විතර අරගෙන හොඳට wash එකක් අරගත්තු මම කඑ ශෝටා එකකට වයිට් කලර් ටී එකකුත් ඇද ගත්තා .