🌟 හත්වන තාරකාව 🌟

1K 209 48
                                    

My silent star





කාලය ගෙවී ගොස් රාත්‍රිය උදා උනේ නීතියෙන් ම අපි අපේම වෙලා වෙනකොට මමාලා පපාලා හැමෝගෙන්ම සමුගත්ත අපි පිටත් වුණේ හොටෙල් එකට ... ඒ මොහොත ගොඩක් සංවේදී උනේ අඩ අඩම චෙන් ගගා මට එයාගේ පුංචි සුරදූතයව බාරදීපු නිසා .

:::

හැමෝටම සමුදීපු අපි දෙන්නා හොටෙල් එකට පිටත් වුණේ ගොඩක් සතුටින් වගේම හිතේ නිදහසින් .  මගේ පපුවට  තුරුඑ වෙලා ඉන්න එයාගේ හදගැස්ම මට අද වෙනදාටත් වඩා හොදින් දැනුනා . එයා ඉන්නේ කලබල වෙලාද බය වෙලාද කියන එක මට හිතාගන්න බැරි වුනා . මම මගේ බනී පුංචා ගේ අත අරගෙන සිපගත්තේ ඒ මුන දිහා බලාගෙන මට ඕනේ උනේ එයාගේ හැසිරීම මොනවගේද කියලා බලාගන්න . මම දැක්කා එයා ලැජ්ජාවෙන්  බිම බලා ගන්නවා . ඒ මූණ වගේම කන් දෙකත් රතු වෙලා තිබ්බා  . මට දැන්නේ තේරෙන්නේ මගේ හා පැටියාට ලැජ්ජා හිතිලා .

එයා ඉන්නේ ලැජ්ජාවෙන් කියලා මට තේරුන හින්දා මම තවත් මුකුත් කියන්න ගියේ නෑ . මට ඕනේ උනේ නෑ  එයාව අපහසුතාවයට පත් කරන්න .   ඒ නල්ලට සිපුමක් තිබ්බ මම එයාව තුරුඑ කරගෙන ෂටර් එකෙන් එලිය බලාගත්තා . ටික වෙලාවකින්  මට දැනුනා මගේ චුටි හුරතලේ ඒ ගමන මගේ wedding ring එක දාපු ඇගිල්ල එක්ක එයාගේ ඇගිලි පටලව පටලව සෙල්ලම් කරනවා ආයේ  තවත් ටික  වේලාවකට පස්සෙ  මගේ දිහා බලාගෙන පිලිකුල් භාවනාව කරනවා .

පැයක විතර ගමනාන්තයකට  පස්සෙ අපි  බීච් සයිඩ් එක පැත්තේ hotel එකකට ආවා  . මගේ අතේ එල්ලිලා hotel එකේ ලස්සන බල බල එන එයාවත් එක්කගෙන මම ආවේ අපි දෙන්නට වෙන්වුණු room එකට . Room එකේ දොර ඇරලා ඇතුලට ගියපු එයාගේ ඇස් දිලිසෙනවා මම හොඳට දැක්කා . එයා හිනා වෙනවා ඒ කියන්නේ මගේ බනී පුංචා ඉන්නේ ගොඩක් සතුටින් . වචනයෙන් එයා මට මුකුත් කිව්වේ නැතත් මට එයාව දැනෙනවා ඔව් එයා සතුටින් ගොඩක් සතුටින් ඇත්තටම මට ඕනෙත් එච්චරයි  ඒ  මාත් එක්ක එයා සතුටින් ඉන්න එක විතරයි . කතා කරන්න බෑ කියලා එයා විදවනවට මම කැමති නෑ .

මගේ බනී පුංචා තාමත් හිටියෙ කාමරේ ලස්සන බලනගමන් වෙනකොට  මම පිටිපස්සෙන් ගිහිල්ලා එයාව බදාගත්තා .

My Silent starWhere stories live. Discover now