My silent star
Room එකේ නිදාගෙන හිටපු මට ඇහැරුනේ පපා කතා කරනකොට ...
පුතා ... යිබෝ ...
.................
යීබෝ ...
එනවා පපා ... මුහුණත් හෝදගෙන මම ගියේ පහලට ... පපාත් එක්ක කතා කර කර ඉන්නකොට පපා ට මට විශෙශ්ෂ දෙයක් කියන්න තියෙනවා කිව්වා ... මම හිතන්නේ මාව ගෙන්න ගන්න හේතුව කියන්න යන්නෙ ඔන්න බලන්නකෝ මොකක් හරි බාල්දියක් ම තමා ...
කියන්න පපා ...
තව සතියකින් ඔයා marry කරනවා ... අද රෑ වෙන කොට එයාලා මෙහෙ එයි ...
මොකක් 😱😱😱 ...මොකක් marry කරන්න ... සතියකින් ... ඒ මොකටද ... මට බෑ ...
ඇයි බෑ කියන්නේ ... බෑ නෙවෙයි ලෑස්ති වෙනවා marry කරන්න ...
ඒත් පපා ඔයා කොහොම ද එහෙම කරන්නේ මට බෑ දැන්මම marry කරන්න ...
කවුද කිව්වේ තමුන් ට දැන් ම බදින්න කියලා ... තව සතියක් තියෙනවා ...
ඒත් පපා මට බෑ ...
මොකටද දැන් තමුන් බෑ කියන්නේ ආ ... කියනවා මට ...
පපා දන්නවනෙ මම girls ට කැමති නෑ කියලා ... අනික මට බෑ දැන්මම marry කරන්න ... තාම හරියට life එකවත් enjoy කරේ නෑ ... මම අන්තිම ටික කිව්වේ හිමීට මොකද ඕකට නම් හොඳට අහගන්න වෙනවා කියලා මම දන්නවා ... මම කිව්වේ මොකක් හරි මරාලයක් තමා ... අයියෝ මට මයි වෙන්නෙ ... දැන් ඉතින් cemetery එකේ ඉන්න ඕනෙත් නෑ ... ෂිට් ඒයි යිබෝ මොනවාද ඔය හිතන විකාර සීරියස් වෙනවා මේ වෙලාවේ වත් ... කොහොම හරි මේ මරාලෙන් ගැලවෙන්න ඕනෙ ...
මොකක්ද තමුන් කිව්වේ life එක enjoy කරේ නෑ කියලා ද තමුන් enjoy කරලා තියෙන life එක හොඳට ම ඇති ... දැන්වත් පිලිවෙලක් වෙනවා මනුස්සයෝ ...
අනිත් එක තමුන් marry කරන්නෙ girl කෙනෙක් නෙවෙයි boy කෙනෙක් ...මොකක්ද ... boy කෙනෙක් ඈ යකෝ මට ඇහුනේ වැරදියට ද නෑ නෑ මට වැරදුනත් පපා ට වරදින්නෙ නෑ ... මම girls ට කැමති නෑ තමා ඒත් බෝයිස්ල ට එතකොට මම gay කියලා නොදැන ඉදලා තියෙන්නේ මම විතර ද ... හයියෝ ... මට මයි වෙන්නෙ ...
දැන් යනවා room එකට ...
මට බෑ මම යනවා ආපහු ඇමරිකා ...