සෙනිත ..........
.
.
මැරෙන්න යද්දිත් මටම මගේ නම ඇහෙනවනෙ අප්ප .. පිස්සු හැදිලද මට .. කමකුත් නෑ .......... මම පාලමේ බැම්මට පය තියන්න හැදුව විතරයි කන කීන් ගාල ගියා . මොකක්ද ඒ උනේ... මම දෙපැත්ත බැලුව .. මම්හ් . එකෙක්ටවත් මාව නෝට් වෙලා නෑ. ඒත් මම පිටිපස්ස හැරිල බලද්දි මම දැක්කෙ මගේ වයසෙ විතර කොල්ලෙක්ක....වුද ඔය ? මොකද මට ගැහුවෙ ආ....... එච්චරයි අහන්න උනේ .. ආයෙ කන කීන් වෙන්න පාරක් වැදුන නේද .
"මොන මගුලක්ද ඕයි . මේ මගේ මූන . නැතුව බෙරයක් නෙමෙ හිතෙන හිතෙන වෙලවට තඩිබාන්න . කවුද තමුන්?"
තීක්ශන :
" මම ද මම තමුසෙගෙ ඉස්කෝලෙ . තමුසෙගෙ පන්තියෙ . තමුසෙ මේසෙට පිටිපස්සෙ මේසෙ ඉන්න එකා""ඉතින් මට පාන්ද ? ආ . යන දිහාවකට යනවකො මට ඉන්න දීලා""
"ඉන්න දෙන්න තිබ්බ තමුන් මෙතනින් පනින්න ගියෙ නැත්නම් "
"මම?... මම පනින්න ගියේ නෑ. කවුද කියන්නෙ . මම මේ නිකන් බලං හිටියා"
"ඕ ඕ පේනෝ .. වැටුනම බෙල්ල කැඩෙනවද කියල වෙන්නැති බලන්න ඇත්තෙ "
"මේ මට ඉන්න දීල යන්නකො අප්ප වාතයක් නොවී "
"හිතේ ඇති . දැන් කියනව මොකද ඔතනින් පනින්නගියේ ?
"මන් පැන්නෙ නැ ඕයි. මොන මගුලක් ද?"
"පැන්නෙ නෑ තාම. කෝ සෙනිත මට කියන්න මොකක්ද ප්රශ්නෙ?"
"ප්රශ්න තියෙන්න ඕනද කෙනෙක්ට ජීව්තේ එපා වෙන්න ......
මම තීක්ශන . මම කියන්නද . අපි මෙතනින් ගිහින් පහල කඩේට ගිහින් හෙමීට කතා කරමු . මට ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගන්නතියේ
හ්ම්ම්......
සෙනිත pov :
තීක්ශන .. කවුද මේ . අදම දැක්ක මනුස්සයෙක් මට මෙච්චර ලගින් කතා කරන්න ඇයි..? මේව හිත හිත ඉන්න ගමන්ම මම තීක්ශන ගෙ පස්සෙන් කලු පාලම ලග තිබ්බ කඩේට ගියේ මේකා කියන දේ අහන්නැතුව හිටියොත් ආයෙ කනේ පාරක් ලැබෙවි වගේ නිසා
"ඉතින් දැන් කියනවද ඔයා කවුද . මම අදමයි දැක්කෙ ..
"මමද ? නම නම් තීක්ශන . මම ඒලෙවල් වලට ඔයාගෙ ඉස්කෝලෙට ආවෙ . මාව තාම එච්චර නෝට් නැතුව ඇති . මම නම් ඔයාව් හැමදාම දකිනො"
"එහෙමද . හා හරි . . මම එහෙනම් යන්නද ? "
"මේ සෙනිත , අපි තාම කතා කරල ඉවර නෑ"
අපි පස්සෙ කතා කරමු ..
තීක්ශනගෙ පස්සෙන් කඩේට ගියාට ඇත්තටම මට බය හිතුන . මේකා මගේ ඉස්කෝලෙම් නම් ඉස්කෝලෙ ලමයින්ට මම අද පලෙමෙන් පනින්න ගියපු එක කියාවි නේද ? මට ඕන උනේ මෙතනින් දුවල කොහේට හරි යන්න
.
.
.
සෙනිත .......
ඇයි ?
අපි යාලුවො වෙමුද ...?
..............................
හායි 🙂
YOU ARE READING
යලි හමුවෙන තුරු ༉ || sinhala bl story
Non-Fictionහුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී ...