ජීවිත හරි පුදුමාකාරයි. සමහරු අසීමීත විදිහට සතුටු වෙනකොට තවත් සමහරුන්ට අසීමීත විදිහට දුක් වෙන්න වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.ඒත් ඒක සාධාරණද?? කිසිම කෙනෙක්ට වැරදි කරපු නැති අහිංසක මිනිස්සුත් දුක් විදින්න ඕනද? ඇයි ඒ? ඒ අයට ජීවිතේ සතුට කියන එක උරුම නැද්ද? ලෝකෙට පේන්න ලස්සනට හිනා වෙලා ඉන්න කී දෙනෙක් නම් බිත්ති හතරක් ඇතුලේ තමන්ගේ දුක ලෝකෙන්ම හංගන් අඬනවා ඇතිද? රෑ වෙනකොට ඇස් පිහාටු එකට ඇලිලා, මූණ කඳුළු වලටම හේදිලා යනකම් අඬලා දුක තුනී කරගන්න මිනිස්සු කීදෙනෙක් නම්, කිසිදෙයක් නොවුණා වගේ ඉර පායද්දී ආයෙත් ලස්සනට හිනා වෙන්නේ කවුරුත් තමන්ගේ දුක හිතෙන කතාව අහන්නේ නැති හින්දාමයි. ඉතිං මගේ කතාවත් ඒ වගේ. දුක කියන දේත් එකක් ජීවත් වෙන මං ලෝකෙට පේන්න හිනා වෙන්නේ නම් නෑ. හැබැයි මට කාගෙවත් අනුකම්පාව ඕනේ නැති නිසා මම හොඳින් ජීවත් වෙනවා කියලා පෙන්නන්න මට පුළුවන් වුණා..
.
.
.
.
.
.
"මැඩම් තව පැය භාගෙකින් බෝඩ් මීටින් එක""ඕකේ මිස්ට හන්. ඕන කරන ෆයිල්ස් ටික ඔය මේසෙ උඩින් තියලා යන්න."
"හරි මැඩම්"
"ආහ් මිස්ට හන්.. මට කොෆි එකක් එවන්න කියන්න"
ටික වෙලාවකින් මට ලැබුණ උණුසුම් කෝපි කෝප්පය රස විදින ගමන් කැබින් එකේ වීදුරුවෙන් මම බලන් හිටියේ පහළින් පේන සිඩ්නි නගරය දිහා. උදේම ඉර පායගෙන එනකොට හරිම ලස්සනයි. බිල්ඩින්ග්ස් ගොඩක් උඩින් උනත් ඉර පායද්දී ඒ ලස්සන විදින්න පුළුවන් කියලා මට තේරුම් කෙරෙව්වේ මම මේ කරන රස්සාව. ඒ ලස්සන බල බල හිටපු මගේ ඇස් ඊළඟට නතර වුණේ සිඩ්නි මිනි ඔපෙරා හවුස් එක ළඟ. හිතේ තියෙන පරණ මතක සේරම එකින් එක ඇවිස්සෙන්න ගද්දී අතේ තිබුණ කෝපි කෝප්පය කැබින් එකේ පොළොවේ ගැහුවේ කෑලි කෑලි වලට බිඳිලා යද්දී. මම එහෙමම බිම ඉදගත්තෙ අත් දෙකෙන්ම ඔළුව අල්ලගෙන. තත්පර කීපයක් එහෙම හිටපු මම ආයෙත් හිටගත්තෙ මගේ අවුල් වුණ කොන්ඩය අතින් හදන ගමන්. මිස්ට හන් දීපු ෆයිල්ස් ටිකත් අරං මම ගියේ මීටින් රූම් එකට. යන අතරමග හිටපු ආජුම්මාට මගේ කැබින් එක ක්ලීන් කරන්න කියන ගමන් මම රූම් එක ඇතුලට ගියා.
YOU ARE READING
🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱
Fanfiction~•••ලැබෙන හිතක් ළඟ සැනසීම පමණක් නොව, නොලැබෙන හිතක් ළඟ ඇවිලීමද ප්රේමයකි.🥀🍂 ~•••මේ හිත නිවූ ඔබම මේ හිත දවන්නට පටන් ගත් දා, දැවෙමි, අළුවෙමි, සදාකාලිකවම.🥀🍂 ~•••වේදනා විද මියගිය මා නැවත උපන්නෙමි, හදවත මැරුණු එකියක ලෙස.🥀🍂 මේ ඇගේ කතාවයි "𝑳𝒊𝒎𝒊𝒕...