"ජන්ග්කුක් ඔහොම පොඩ්ඩක් ඉන්න"
"ආහ්... ඩොක්ටර් ජින්.... ඇයි මොකක් හරි හදිස්සියක් ද?"
ශිෆ්ට් එක ඉවර වෙලා ගෙදර යන ගමන් හිටිය ජන්ග්කුක් දිහාට දුවගෙන එන ජින් ව දැකලා ජන්ග්කුක් එහෙම ඇහුවා.
"වාහ්.... ඔයා ගිටාර් ප්ලේ කරනවද?"
පිටේ එල්ලන් ඉන්න ගිටාර් එක දිහා බලලා ජින් ඇහුවා.
"ආහ්...දේ🙂"
"ඔයාට දැන් විශේෂ වැඩක් නැත්තං මට මේක ටිකක් ප්ලේ කරලා පෙන්නන්න පුළුවන් ද?"
"ආහ්.. මේහ්....මේකයි ජින් ෂී...-"
"හ්යොන්ග් කියන්න... ජින් හ්යොන්ග්"
"ආහ් එහෙම හරි නෑනේ 🙂 මෙහ් මම කියන්න ගියේ..-"
"නෑ නෑ මොකුත් කියන්න එපා... හ්යොන්ග් කියන්න බෑ නම්. කෝ දෙන්න මෙහාට ඕක"
එහෙම කියලා ජන්ග්කුක් පිටේ එල්ලගෙන හිටිය ගිටාර් එක ඇදලා ගත්තේ එයාට හිතන්නවත් වෙලාවක් නොදී...
ගිටාර් කේස් එක හෙමින් විවෘත කරපු ජින් ඊළගට දැක්ක දේ නිසා එයාට තත්පර ගාණකට හුස්ම ගන්න පවා අමතක වුණා."මෙහ්....මේ මොකද??😳"
"මේහ්... ඒක.... ඇත්තටම මේහ්.... වැටුණා... ඔව් වැටුණා..."
කෑලි කැඩිලා තත් ගැලවිලා තිබුණ ගිටාර් එක දැකලා ජින් ඇහුව දේට ජන්ග්කුක් එහෙම කිව්වේ ඇත්ත කියලා ජින් මේකට මැදිහත් වුණොත් එයාටත් ප්රශ්නයක් වෙයි කියලා හිතාගෙන. ඒත් ඒ වෙලාවෙදී එතනට ආව ජීවොන් හැමදෙයක්ම අවුල් කරලා දැම්මේ ජන්ග්කුක්ට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර.
"ජින් ෂී... මට... මට කියන්න දෙයක් තියෙනවා"
"මොකක්ද ජීවොන්...."
"ඇත්තටම මං ආයෙ වැඩට එන්නෙ නෑ. එන්නෙ නෑ නෙවෙයි...😭 එන්න වෙන්නෑ.."
"ම්වෝ?? ඒ මොකද?"
"ආහ්?! ජින්ෂී දන්නෙ නැද්ද?!🙄 ජන්ග්කුක් ගේ ගිටාර් එක අතේ තියන් ඉන්න නිසා මම හිතුවා දැනටම හැමදේම දන්නවා ඇති කියලා"
"මෙහ්...ජීවොන්.... ඔයා දැන් යන්න නේද.. මම කියන්නේ පරක්කු-"
"ජන්ග්කුක් ටිකක් ඉන්න... මොකක්ද ජීවොන් ඔයා දැන් කියන්න හැදුවේ?"
YOU ARE READING
🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱
Fanfiction~•••ලැබෙන හිතක් ළඟ සැනසීම පමණක් නොව, නොලැබෙන හිතක් ළඟ ඇවිලීමද ප්රේමයකි.🥀🍂 ~•••මේ හිත නිවූ ඔබම මේ හිත දවන්නට පටන් ගත් දා, දැවෙමි, අළුවෙමි, සදාකාලිකවම.🥀🍂 ~•••වේදනා විද මියගිය මා නැවත උපන්නෙමි, හදවත මැරුණු එකියක ලෙස.🥀🍂 මේ ඇගේ කතාවයි "𝑳𝒊𝒎𝒊𝒕...